
(රෝෂන් තුෂාර)
කිරිඉබ්බන්වැව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දේශපාලන කාර්යාලය අරගල කරුවන් විසින් 2022 දී ගිනිබත් කිරීමෙන් සිදුවූ හානියට රුපියල් 8850000.00ක වන්දි මුදලක් රජයේ නිලධාරීන්ට බලපෑම් කර ලබා ගනිමින් රාජ්‍ය දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කරන ලදැයි රක්ෂිත බන්ධනාගාර ගත හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා නඩුව විභාග කර අවසාන වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම අද ඉල්ලා සිටියේය.
සැකකරුට එරෙහිව සිදු කරන විමර්ශන පොදු දේපළ පනතේ වගන්ති වලට ගැනෙන වැරදි බැවින් හා දූෂණ විරෝධී පනතේ 139 වගන්තයට අයත්වන බැවින් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරන ලෙසත් නඩු විභාගය අවසාන වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසම වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
සෙවනගල, කිරිඉබ්බන් වැව,සමගි පුර පිහිටි මහවැලි අධිකාරියට අයත් ඉඩමක අනවරසරයෙන් ඉදිකර ඇති දේශපාලන කාර්යාලය ඇතුළු දේපොළ කිහිපයක් 2022.05.09 වන දින පැවති ජනතා අරගලයේ දී හානියට පත් කිරීමෙන් අනතුරුව එම දේපළ රජයේ බව දැන දැනම වෙනත් පුද්ගලයෙකු යොදවා වන්දි මුදල් ලබා ගැනීම සිදුකර ඇති බවට පවසමින් අල්ලස් කොමිසම ගොනු කළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම ඉල්ලීම සිදු කළේය.
අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් සැකකාර පාර්ශ්වයේ කරුණු සලකා බැලිය යුතු හෙයින් පැමිණිල්ල පසුව කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ඒ අනුව දෙපර්ශවයේ කරුණු සලකා බැලීම සඳහා පැමිණිල්ල යළි කැඳවීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2036
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නඩුව අවසන් වනතුරු ශෂින්ද්‍ර රිමාන්ඩ් කරන්නැයි අල්ලස් කොමිසම ඉල්ලයි
Perera Wednesday, 27 August 2025 01:21 AM
කොහොමහරි විජලනය හදාගන්න බලන්න. එක්කෙනුට ඒක හරිගියා ගෙදර යන්න