
(ප්‍රසාද් රුක්මල්)
බදුල්ල නඩුකාර කන්ද රක්ෂිතයේ අද (26) පස්වරුවේ යලි ඇතිවූ හදිසි ගින්නකින් අක්කර පහක පමන කොටසක් විනාශ වී ගොස් ඇති බව බදුල්ල අඩවි වන නිළධාරි රුවන් ගලප්පත්ති මහතා පවසයි.
මෙම ගින්න නඩු කාර කන්ද රක්ෂිතයේ යලි දෙවන දිනට මෙසේ හටගත් බවත් , බදුල්ල අඩවි වන කාර්‍යාලයේ නිළධාරින් සහ බදුල්ල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකයේ නිළධාරින් එක්වී ජල බවුසර් යොදා ගනිමින් ගිනිපටි කපමින් ගින්න නිවා දැමීමට උත්සාහ කරමින් සිටින බවද හෙතෙම කීය.
පවතින අධික වියලි දේශගුණික තත්ත්වයත් සමග කිසිවකු විසින් වනසතුන් දඩයම් කිරීමට හෝ විනෝදයට මෙසේ රක්ෂිතය ට ගිනිතබා ඇති බවට සැකකරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඳු විතරක් නෙවී , ඔළුත් ගිනිගන්න කාලයක් මේක.