
(ප්‍රියානි මංගලිකා)
නිකවැරටිය,කඩිගාව පුරාණ ගල්ලෙන් විහාරයට අයත් බව කියන ඵෛතිහාසික නටඹුන් සහිත භූමියක් කිසියම් පුද්ගලයකු ඩෝසර් කර කැලෑව වනසා ඇතැයි එහි හිමිවරු සහ දායක සභාව පවසති.
කටාරම් කෙටූ ගලක් ,ඉපැරැණි පොකුණක් ,නිදන් ගත් ස්ථාන ඇතුලු පුරාවිද්‍යා වටිනාකමකින් යුතු දෑ රැසක් මෙම භූමියේ පවතින බවත් ඩෝසර් කිරීමේදී ඒවාට හානි වී ඇති බවද ඔවුහු සඳහන් කරති.
වීශාල ගල් පර්වත හා කටාරම් කෙටූ ලෙන් 14ක්,සෙල් ලිපි සහිත වලගම්බා රජ සමයේ හිමිවරුන් වැඩ විසූ ඵෛතිහාසික විහාරස්ථානයක් මෙන්ම කුමාරවරුන් රැසක් ඔටුනු පැලඳි ස්ථානයක් බැවින් ,මෙම පුරාවිද්‍යා භූමිය රැක දෙන ලෙස විහාරවාසී හිමිවරුන් බලධාරීන් ගෙන් ඉල්ලා සිටිති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු ජනාධිපතිතුමනි වන විනාශයන් කරන ඩෝසර් යන්ත්‍රනීතී විරෝධිව වැලි පස් කැපීම් නවත්තන්න නීතීය ක්‍රියාත්මක කරන්න
ලොවෙන්ම බුහුමන්ලබන, හෙලදිව උපන් සොඳුරුතම උත්තමයා ඉන්දියාවට විකුණා, සියළු ඓතිහාසික සාක්‍ෂි ඉන්දියන් රුපියල් සඳහා විකුණනවා
නන්දසේනට ඕවා පේන්නේවත්, දැනෙන්නේවත් නෑ. දැන් ඇදගෙනම නානවා.
කිසියම් පුද්ගලයෙක් කියන්නේ හඳෙන් ආපු කෙනෙක්ද? පුද්ගලයාගේ නම කියන්න බැරිද? ඔය ගමේ මිනිස්සු දන්නේ නැතිද කවුද කෙරුවේ කියලා. හැමෝම දන්නවා. ගිහිල්ලා පින්තූර ගහලා විස්තර හොයාගෙන එනවා. නම දන්නේ නැහැ. හේතුව මේ ලියන පුද්ගලයාත් ඔය කියන පුද්ගලයින්ට බයයි.
කෝ මේ සේනාවල්..? බලකායවල් මොනවත් නැහැ.
මොනවා කළත් ඕක නවත්වන්න බැහැ. තව දවස් ටිකකින් ඔය වෙන දේවල් පත්තරෙත් නැතිවෙයි.