
(යොහාන් භාසුර)
නාගරික සංවර්ධන අධිකාරියේ සේවාව සහ සංවර්ධන ව්‍යාපෘති වඩාත් කාර්යක්‍ෂමව සහ ඵලදායීව මහජන සහභාගීත්වයෙන් යුතුව පවත්වා ගැනීම සඳහා Mother lanka digital වේදිකාව නිල වශයෙන් අද (16) හඳුන්වා දුන්නේය.
ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සෙත්සිරිපාය පිහිටි එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී පාර්ශවකරුවන්, විශේෂඥයන් සහ සාමාන්‍ය ජනතාව එක්ව අනාගතය සඳහා වඩා හොඳ නගර සැළසුම් ඇතුළත් ශක්තිමත් තිරසාර සමාජයක් ගොඩ නැගීමට එක්ව කටයුතු කිරීමට අවස්ථාව සලසයි. රට තුළ ඩිජිටල් ආර්ථික ක්‍රියාවලිය සක්‍රීය කරමින් කා©ක්ෂම, විනිවිදභාවයෙන් යුත් විශ්වාසදායී සේවාවක් ජනතාව දීමට තිරසර ව්‍යපෘති, සංවර්ධන සැළසුම් සහ නියාමනයන් පිළිබඳ මහජනතාවට, වෘත්තිකයන්ට විවෘත සිය අදහස් භාෂා ත්‍රිත්වයෙන්ම මෙම වේදිකාව හරහා හුවමාරු කරගැනීමට අවශ්‍ය පහසුකම් සළසා ඇත.
මේ පිළිබඳව ලැබෙන මහජන අදහස්, යෝජනා සහ ගැටළු පිලිබඳ කඩිනමින් ක්‍රියත්මක වී නැවත නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරී කණ්ඩායම් ඊට අදාල කඩිනම් ක්‍රියාමාර්ග හා විසඳුම් ලබාදීමට කටයුතු කරනු ඇත. මෙයට සම්බන්ධ වන සියලු ආකාරයේ පරිශීලකයන්ගේ රහස්‍යභාවය සහ පුද්ගල අනන්‍්‍යතාවයන් ආරක්ෂා කිරීමට කටයුතු කර ඇත.
මෙම ව්‍යාපෘතියට නාගරික සංවර්ධන අධිකාරියේ තොරතුරු තාක්ෂණ අංශයෙන් තාක්ෂණික සහයද උපාය මාර්ග සැලසුම් අංශයෙන් මෙහෙයුම් කටයුතුද සිදු කෙරේ.
නාගරික සංවර්ධන අධිකාරිය මගින් උතුරු පලාත් සංවර්ධනයේදී මැනිං වෙළඳපොල සේවාව විධිමත් කිරීමටත් මහල් නිවාස සංකීර්ණ වල ජීවත් වන පවුල් 13500 පමණ පිරිස් සඳහා දැනටමත් ඩිජිටල් සේවා පහසුකම් ලබාදීම ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd