(නිමල කොඩිතුවක්කු)
නැගෙනහිර පළාතේ දෛනික දියර කිරි නිෂ්පාදනය ලීටර් ලක්ෂයක් දක්වා වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.
දැනට දෛනිකව නිෂ්පාදනය කරන ලීටර් 57000ක ප්‍රමාණය ලක්ෂයක් දක්වා වැඩි කිරීමේදි එම කිරි ගවයන්ට අවශ්‍ය ආහාර සහ ජලය වැඩි කර ගැනිමේ ක්‍රමවේදයක් සකසන්නැයිද ආණ්ඩුකාරවරිය පළාත් පශු සම්පත් ප්‍රධානීන් හමුවේ අවධාරණය කළාය.
රේඛිය අමාත්‍යංශය හරහා පළත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දෙන ප්‍රතිපාදන වලින් සිදු කිරීමට නියමිත ව්‍යාපෘතින් පිළිබඳ පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩි.බී.හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේදී පැවති හමුවකදී ඇය මේ බව කියා සිටියාය.
කන්තලේ ප්‍රදේශයේ ප්‍රචලිතව පවත මුදවපු මි කිරි නිෂ්පාදන “කන්තලේ කිරි” නමින් විදේශ වෙළඳපොළ දක්වා අපනයනය කිරීමට අවශ්‍ය ව්‍යාපෘතියකුත් ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක කරන බවද ආණ්ඩුකාරවරිය කීවාය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නැගෙනහිරින් දියර කිරි වැඩියෙන්
fairoos Tuesday, 01 March 2022 06:59 PM
කිරිහරක් වැඩියෙන්ම ඉන්නේ ඒ පැත්තේ තමයි.
Perera Wednesday, 02 March 2022 12:00 AM
ලෝකයේ විශාලතම ගව පට්ටිය ශ්‍රී ලංකාව...!