(සුජිත් හේවාජුලිගේ )
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ ආදානි සමාගමට ලබා නොදෙන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
එසේම එම පර්යන්තය වෙනත් කිසිදු පෞද්ගලික සමාගමකට හෝ ලබා නොදෙන බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ එම අමාත්‍යංශයේදී ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේ දිගටම පවත්වාගෙන යන බවත් එහි කටයුතු සඳහා ක්‍රේන් කිහිපයක් චීන සමාගමකින් මිලදී ගැනීමට කටයුතු කරගෙන යන බවත් අමාත්‍යවරයා කීවේය.
මේ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 278 ක් අවශ්‍ය වන බව පැවසූ නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉන් ඩොලර් මිලියන 18 ක් දැනටමත් ගෙවා ඇතැයිද පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd