(අමදෝරු අමරජිව)
තම කාර්යාලයේ තිබී සොයාගත් බව කියන උණ්ඩ තමන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරින්ට හා අමාත්‍යාංශ ආරක්ෂක නිලධාරින්ට කාත්තන්කුඩි පොලිසිය මගින් නිකුත් කළ උණ්ඩ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
මඩකලපුව, කාත්තන්කුඩි කාර්යාලයේ තිබී උණ්ඩ 40 ක් සමඟ ආණ්ඩුකාර කාර්යාලයේ සේවය කරන දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාගේ අත්සනින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.
ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා මෙම නිවේදනයෙන් තවදුරටත් අවධාරණය කරන්නේ තම කාර්යාලයේ පිටුපස කාමරය ආරක්ෂක නිලධාරීන් භාවිතා කරන එකක් බවයි.
සෝදිසි මෙහෙයුම් දියත් කරන අවස්ථාවේ තම කාර්යාලයේ සිටි දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බවත් සොයාගත් උණ්ඩ වලට මේ දෙදෙනාගේ සම්බන්ධයක් නොමැති බවත් මෙම උණ්ඩ තම ආරක්ෂක නිලධාරීන්ට කාත්තන්කුඩි පොලිසිය නිකුත් කළ උණ්ඩ බවත් කියා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලබල වෙන්න එපා.. එ් බව හමුදා පොලිසිය පොත් පත් වල සඳහන් වී ඇති පරිදි එය සොයා බලා කටයුතු කරාවි..
කලින්ම ආරංචිය ආවා... ඒ පැත්තේ පොලීසියෙන් වලි කනවා කියලා මේ සිද්ධිය යට ගහන්න. සමාජ ජාලාවල මේ පිළිබඳව වාර්තාකළා.
හා
නාත්තන්කුඩි පොලිසිය කියන දේ බලමු.
දීකිරට බළලුත් සාක්කිලු..
මේ ඉන්නේ උල් පන්දම්කාරයා...
ඇයි හලෝ තුවක්කුව නැතිව පතුරොම් මොන බම්බුවේ දාලා වෙඩිතියන්නද? අනික තුවක්කුව වෙනතැනක තිබෙද්දී පතොරොම් වෙන තැනක තියන්නේ අහවල් හේතුවකටද?
හරි ෂෝක් ආරක්ෂක නිලධාරීන් මෙතුමාට ඉන්නේ. උණ්ඩ ටික එක තැනෙක... ආයුධ තව තැනක... පොලීසිය විසින් උණ්ඩ කීයක් ආරක්ෂකයින් හට නිකුත් කරලද? ආණ්ඩුකාර නිලනිවස හා කාර්යාලය තියෙන්නේ කාත්තන්කුඩිවලද? කවුරුන් හෝ ආණ්ඩුකාරවරයාට යම්කිසි අනතුරක් කරන්න පැමිණියහොත් ආරක්ෂක නිලධාරින් කාත්තන්කුඩිවලට ගිහින් උණ්ඩ ගෙනැල්ලා මෙතුමව ආරක්ෂා කරනවා කියලා තමයි මේ කියන්නේ...
ආරක්ෂකයන්ට නිකුත් කළ උණ්ඩ නම් ඇයි ඒවා අනාරක්ෂිතව තිබුණේ?
මෙය ඇත්ත නැත්ත සොයා බැලීමට රහස් පොලිසියට බාරදෙන්න .
අවි ආයුධ ගබඩා කිරීම ගැන තද නීතිරීති ඇත. ආරක්ෂාවෙන් තොර කාමරයක් උණ්ඩ තබා ගැනීම ගැන ආණ්ඩුකාරවරයා වගකිව යුතුය. මෙම අවස්ථාවේදී එතුල ඔහුගේ ගෝලයන් දෙදෙනකු ගැවසීමෙන් පෙනෙන්නේ මෙම කාමරය කිසිදු ආරක්ෂාවකින් තොර බවයි. මොහුගේ ආරක්ෂක කණ්ඩායම ඉවත් කල යුතුය.