
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
සොරාගත් යතුරු පැදි සංවිධානාත්මක අපරාධ කල්ලි වලට අලෙවි කිරීමට පුරුදුව සිටිි පුද්ගලයකු සොරාගත් යතුරු පැදි තුනක් , එල්.ඊ.ඩී.රූපවාහිනි යන්ත්‍ර 07 , ලැප්ටොප් යන්ත්‍ර 02 , බෆල් යුගලයක් හා ස්මාර්ට් අත් ඔරලෝසුවක් සමඟ බස්නාහිර පලාත දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත් අත්අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරු මහරගම , මිරිහාන , හොරණ , කළුතර , මාලඹේ , පානදුර , කොස්ගම සහ කොට්ටාව පොලිස් වසම් වලින් යතුරුපැදි 10 , පානදුර වැලිකඩ බණ්ඩාරගම පිළියන්දල හා බම්බලපිටිය යන පොලිස් වසම් වලින් එල්.ඊ.ඩී රූපවාහිනී යන්ත්‍ර 09 ,මොරටුවෙන් බෆල් යුගලයක් පිලියන්දලින් ලැප්ටොප් යන්ත්‍ර 03 හා කොට්ටාවෙන් ස්මාර්ට් අත් ඔරලෝසුවක් ඇතුලු සොරකම් 22 කර තිබේ.
සැකකරු සොරාගත් යතුරුපැදි අතරින් දෙකක් සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බඩෝවිට අසංකගේ ප්‍රධාන ගෝලයකු වන දෙහිවල සැන්ඩ්‍රෝ නැමැත්තාට අලෙවිකර ඇති බවත් මෙදින පොලිස් භාරයට ගත් යතුරු පැදි තුනෙන් එකක් එම අපරාධ කල්ලියටම අලෙවි කිරීමට බෙල්ලන්විල රථ ගාලක නවතා තිබියදී සොයා ගත් බවත් පැවසේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල නිකපේ පාර ප්‍රදේශයේ පදිංචි (31) පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd