
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නුගේගොඩ මහජන රැළිය පවත්වන ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය යාබදව අධ්‍යාපන පොදු සහතික පත්‍ර ( උසස් පෙළ) විභාග මධ්‍යස්ථානයක් පවතින බැවින් මහජන රැළිය සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමේ දී රැළිය පවත්වන පරිශ්‍රය තුළ පමණක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන ලෙස පොලිසිය රැළියේ සංවිධාකයන් දැනුවත් කරයි.
බලපත් කොන්දේසි අනුව කටයුතු කරන ලෙස ද පොලිසිය බලපත්‍ර ඉල්ලුම්කරුවන් වෙත දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
අද උදෑසන 8.30 සිට උදෑසන 11.40 දක්වා සහ සවස 2.00 සිට 5.00 දක්වා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමේදී පවතින නීති රීතිවලට අනුව කටයුතු කිරීමට හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බාධාවකින් තොරව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමේදී පවතින නීති රීතිවලට අනුව කටයුතු කිරීමට හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට හා විභාග කටයුතු අවසන් වීමෙන් පසුව නැවත පිටව යාමට සහ විභාග පැවැත්වෙන අවස්ථාවේදී ඒ සඳහා කිසිදු බාධාවක් ඇති නොවන අයුරුන් කටයුතු කිරීමට වගබලා ගන්නා ලෙසට ශබ්ද විකාශනය කොන්දේසි ලබා දී ඇති මාධ්‍ය කොට්ඨාසය වැඩි දුරටත් සඳහන්කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කොහොමද! අපේ උත්තරීතර නායකයන්ගේ බලය තහවුරුකරන දේවල් කරලා තමයි අනික් ඒවා බලන්නේ. ඔය මොන පෙළ ලිව්වත් අපේ රැලිය සද්දෙට ඕනෑ.
හොඳම තීරණයක්. මුළු රටම බංකොළොත් කරපු නාමල් ඇතුළු පොහොට්ටු හොරු කල්ලිය නැවතත් මේ රට ගොඩ නගන්නවා කියන්නේ පට්ට පල් බොරු. දැන් රටේ සමස්ථ ජනතාව ඉතාම වෙහෙසක් ගෙන පත් කරපු මේ මාලිමා රජය සත පහක හොරකමක් නැතුව ඉතාම අමාරුවෙන් කුඩු වසංගතය නැත්තටම නැති කරලා රට ලස්සන මාර්ගයට අපූරුවට කරගෙන යනවා. ඒක රටේ සමස්ථ ජනතාවටම ලැබිච්චි මහඟු අවස්ථාවක්... කියන්න වචන නැහැ. මාලිමා රජයට ජයෙන් ජය....
එක්තරා රටක පොලීසියක් තියෙනවා හරියට මහජනයා ගැන හිතන වෙලාවයි නොහිතන වෙලාවයි හොයන්න බැරි.
ඩෝබිලා ගුලිකාලා වගේ... සංතෝෂයෙන් පොපියනවා. කුහකයින්...