(සුජිත් හේවාජුලිගේ)

දේශීය ආදායම්  පනතට අලුත්  සංශෝධන ලබන 19  පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කිරීමට නියමිතය.

වයස අවුරුදු 18 ට වැඩි සෑම පුරවැසියෙකුටම  ගැනීම අනිවාර්ය කර ඇති හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය ලබා නොගැනීම, නිසි ලෙස බදු ගොනු  වාර්තා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සහ දේශීය ආදායම් කොමසාරිස්  ජනරාල්වරයා හමුවේ අවශ්‍ය මොහොතක පෙනී නොසිටීම අපරාධමය  වරදක් ලෙස දැක්වෙන සංශෝධන දේශීය ආදායම් පනතට එක් කිරීමට කටයුතු යොදා ඇත.

රටේ බදු ගෙවන පිරිස වැඩි කර ගැනීම සහ  බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට විස්සක ඉලක්කයක් කරා ළඟා කර ගැනීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර මෙම වරද යටතේ වරදකරුවන් වන අයට රුපියල් ලක්ෂ හතරක දඩයක් හා මාස හයක සිර දඬුවමක් ලබා දිය හැකි බව  සඳහන්වේ.