(ගයාන් සූරිය ආරච්චි)
කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් රථ වාහන රාජකාරියේ යෙදීසිටියදී කොළඹ 07, විද්යාමාවත ප්රදේශයේදී පොලිස් අණ නොතකා පලා ගිය මෝටර්රථයක් පසුපස හඹා ගොස් නවතා පරීක්ෂා කිරීමට යාමේදී කුරුඳුවත්ත පොලිසි ස්ථානයේ පොලිස් කොස්තාපල් වරයෙකුට පහර දුන් බවකියන ගුවන් හමුදා වින්ග් කමාන්ඩර්වරයකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒකල ගුවන් හමුදා කඳවුරට අයත් 47 නිලධාරියකු වන අතර අනෙක් සැකකරු අංගොඩ ප්රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.පහර කෑමට ලක් වූ කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කිරීම සාපරාදී බලහත්කාරය පෑම හා නිලධාරියෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න ඒ කාලෙ පාට් , උපරිම දඩුවම දෙන්න වැරදි කාරයට
හමුදාවේ අය හිතන්නේ ඒගොල්ලෝ රටේ නීතියට උඩින් කියලා. එහෙමනේ පහුගිය කාලේ උනේ.