
(අංජුල මහික වීරරත්න)
විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ වී නුගේගොඩ දී පවත්වන්නේ කවුරුවත් රජ කරන්න කරන රැලියක් නොවේ යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
මෙය ජනතාව වෙනුවෙන් ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කරවා ගන්නා රැලියක් බවද රාජපක්ෂ මහතා කීය.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවට වැඳ පුදා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොලිසිය “සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී ඇති” බවත්, ජාතික ආරක්ෂාව බිඳවැටී ඇති බවත්ය.
රජය විසින් පනවා ඇති අධික බදු බර හේතුවෙන් ජනතාව දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව ද ඔහු සඳහන් කළේය.
අසාධාරණයට ලක්ව ඇති බව හැඟෙන සියලු දෙනාම නොවැම්බර් 21 වන දින නුගේගොඩදී පැවැත්වීමට නියමිත රැලියට සහභාගී වන ලෙස ඉල්ලා සිටින බව නාමල් රාජපක්ෂ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිහින අහසේ වසන්තේ...
ලංකාවේ මනුස්සයින්ට අමතක වෙන ලෙඩක් නේ..නිකන් අපිට මතක් කරලා දෙන්න මහන්සි වෙන්න එපා. පවු ඔහෙලා....
යන එන මන් නැති වෙලා ඉන්නේ රැළියක්ලෑස්ති කරගෙන, මොකද දන්නේ නෑ... ලණුව දුන්නු එක.
අයිස් බබාට ජයවේවා..
ඔව් ඉතිං, රැලිය පවත්වන්නේ කවුරුවත් රජ කරන්න නෙමෙයි මට රජවෙන්න මිසක්නැ! නැද්ද නෑ මැලේ.
ඵලොවටත් මෙලොවටවත් නැතිව ඉන්නේ නැතුව සජබය ආත්මාර්ථකාමි නොවී ලොකු ගෙම්බර් නොදමා 21 රැලියට සම්බන්ධවීම අනිවාර්ය කටයුත්තක්. අර අනුර ජනපති අයවැය ඉදිරිපත් කරන වේලාවේ සජිත්ව පොඩ්ඩක් උස්සලා කථා කරපු නිසාද;?
ඇයි නැත්තේ, මැද මුලන ඉන්නවා තඩි මී හරක් නාම්බෙක් එයාව රජ කරවන්න දගලන වස්සන්ගේ වැඩක් ඕක....
නුගේගොඩදී හොරු ටික එක මිටට...
හොර පෙරකදෝරුවා හිතාගෙන ඉන්නේ ජනතාව ඇස් කන් නැති මැරිලා ඉපදුණු අය කියලද? මහින්ද චින්තනය තාරුණ්‍යයට හෙටක් ලන්කාව දැනුමේ කේන්ද්‍රස්ථානය ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යයේ දැක්ම මෙකී නොකී බොරු බේගල් ටොන් ගණන් ගහලා බලයට ආපු දූෂිත පව්ල් පාලනේ අය, මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්තිය කරලා රටම විනාශ කෙරුවා. ජනතාව එළවපු අය.. ඡන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ගා ගෙන ජනතාව අන්දවන්න හැදුවාට වැඩක් නැහැ. සාටකයෝ දූෂිතයෝ ආර්ථික ඝාතකයෝ මිනීමරුවෝ පට්ට හොරු බලලෝභී බඩගෝස්තරවාදී, ගුණමකුවෝ රැවටිලි කාරයෝ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.
ඇත්තනේ. "වෙනකවුරුවත් රජ කරවන්න නොවේ මට රජවෙන්නනේ" නේද මලයෝ? තවත් මෝඩ තරු ඉඳු කෙනෙක්නේ මේ මනුස්සයා..
නුගත් මීහරක්ට විතරයි අසාදාරනයක් වුනේ. ඉතින් ජනතාවට ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. අන් නැති මීහරක්. තවමත් දෙවියන් වදිනවා දැන් දෙවියෝ ජනතාව. වදින්න ජනතාවට බලයට එන්න. ජීවිත කාලයම. මේ විදිහට අඩ අඩා ඉන්න වෙන්නේ. අන්තිමට බාරවෙයි දෙවියන්ට. කාවඩි නටලා ගිනිපාගලා. පාගමනින් ලන්කාව වටේ යන්නම් කියලා ඒත් වැඩක් නැහැ. ගොබ්බයෝ එතැනමයි. මේ මෝඩ බේබිව වටකරන් ඉන්නේ අන් නැති මීහරක්....
අයිස් කාරයො ටිකවත් ආවොත් හොඳයි. නැත්නම් පාතාල ප්‍රශ්න තමයි වැඩි වෙන්නේ...
මහාපරිමාණ හොරකම් වන්චා, දූෂණ, නාස්තිය කරලා රටම විනාශ කරපු දූෂිත දේශපාලුවෝ පෝලිමේ හිරේට යන්න වෙයි කියන බයට කරන වැඩක් බව නම් පේනවා.
තමුන්ගේ වාසිය තකා මහන්සි වෙන කට්ටිය.., රටේ මිනිස්සු ගැන කිසිම තැකීමක් නෑ.