( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
නුගේගොඩ රෝයල් ඉන්ස්ටියුට් ජාත්‍යන්තර පාසලට අයත් සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නාගරික සංවර්ධන අධිකාරියට සහ කෝට්ටේ මහ නගර සභාවට නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ එම අයාතනය අවට පදිංචි 16 දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබා දෙමිනි.
තවද නුගේගොඩ චැපල් පටුමගෙහි පිහිටා ඇති ජාත්‍යන්තර පාසල පවත්වාගෙන යැමට රෝයල් ඉන්ස්ටියුට් ආයතනයට ලබා දී ඇති සියලු අවසර පත්රයන් අවලංගු කිරීමටද අධිකරණයෙන් නියෝග කෙරිණි.
ඊට අමතරව රෝයල් ඉන්ස්ටියුට් ආයතනයට අනවසර ඉදිකිරීම් වළකාලමින් අතුරු නියෝගයක්ද අධිකරණයෙන් නිකුත් කෙරිණි.
නුගේගොඩ චැපල් පාරෙහි අංක 12 දරණ ස්ථානයේ අඩි 20 ක ප්‍රමාණයක් මාර්ගය අවහිර කරමින් තට්ටු ගොඩනැගිල්ලක් නීතියට පටහැනිව ඉදිකර ඇති බව පෙත්සම්කරුවෝ කියා සිටිති.
2008 ‐ 2020 වසර නගර සභා සැලැස්ම අනුව මෙම කලාපය වෙන් කර ඇත්තේ මිශ්‍ර සංවර්ධනයට බවත් , ඒ අනුව අධ්‍යාපන ආයතන ඉදි කිරීම නීතියට පටහැනි බවත් මෙම සමස්ථ ක්‍රියාවලිය තුළින් පෙත්සම්කරුවන් අපහසුතාවයට පත්වන බවත් පෙත්සම්කරුවෝ තියා සිටිති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ නවීන් මාරපන මහතා සමඟ ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා පෙනී සිටියේය.
වගඋත්තරකාර ජාත්‍යන්තර පාසල වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන ෆයිස් මුස්තාපා සහ මනෝහාර ද සිල්වා මහතා පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝයල් ඉන්ස්ටියුට් ආයතනය '70 දශකයේ සිට සිසුන් හට මහගු සේවයක් කල ආයතනයකි. එබැවින්, මේ තාවකාලික බාධක පසු කොට, මේ ආයතනය තව දුරටත් ඉදිරියට පැවැත්වේ යයි සිතමි.
පන්නිපිටිය දෙපානම අරලිය උයන ලග තියන ලූවර් එකෙන් පුදුම විදිහට පාරවල් ට්‍රැෆික් වෙනවා. උදේට පදික වේකාවල වාහන නවත්තලා, මහරගම පොලිසිය, මේවා කිව්වට බලන්නෙ නෑ..
තිලක් මහත්තයෝ, මේ ආයතනය මහඟු සේවයක් කල විදිහ අපි දන්නවා! සමහර විට ඔබටත් සේවයක් සිදුවන්න ඇති නේද?
ප්‍රධානම දේ ලංකාවේ කිසිම ප්‍රතිපත්තියක් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ, පගාවක් දුන්නොත් ඉන්දියාවෙන් බෝට්ටුවේ එන කෙනෙකුට උනත් ලංකාවේ පුරවැසි කම ගන්න පුළුවන් ....... ඉතින් කැමති කෙනා ,පුළුවන් කෙනා කැමති ,පුළුවන් විදියට තමන්ගේ වැඩ කරගන්නවා. රාජ්‍ය සේවකයෝත් පගාවක් අරගෙන ලියකියවිලි අනුමත කරනවා. හේතුව ඉවත් නොකර පලය ඉවත් කලාට වැඩක් නැහැ.
ඔය කියන හේතුව කිසිදිනක මෙම ධරණී තලයේ ඉවත් කල නොහැකිය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ නවීන් මාරපන මහතා සමඟ ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා පෙනී සිටියේය. මේ මාරපනලා විදේශ ඇමති තිලක්මාරපනගේ අයනේ.. ඉතින් තීන්දුව ගැන අහන්නත් දෙයක්ද? අගවිනිසුරු පෙරේරාගේ ගජ මිතුරු සමාජයනේ...
ජාත්‍යන්තර පාසල පවත්වාගෙන යෑමට රෝයල් ඉන්ස්ටියුට් ආයතනයට ලබාදී ඇති සියලු අවසර පත්රයන් අවලංගු කිරීමටද අධිකරණයෙන් නියෝග කෙරිණි. එහි අධ්‍යාපනය ලබන සිසුන් ගැන සැලකූවිට මෙය සුදුසු නොවේ යයි සිතමි.