
(සුජිත් හේවාජුලිගේ)
පසුගිය වසර පහේදී ගල් අඟුරු ආනයනය සම්බන්ධ සියලු කටයුතු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත.
ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් වන විගණන වාර්තා පදනම් කරගෙන එම විමර්ශනය කරන බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සඳහන් කළේය.
ගෙවුණු වසර පහක කාලයේදී ගල් අඟුරු අානයනය සඳහා ටෙන්ඩර් ක්‍රියාවලියක් අනුගමනය කළේද ඒවා විනිවිද පෙනෙන අයුරින් කළේද යන්න මෙන්ම එම කටයුතුවලට සම්බන්ධ වූයේ කුමන පාර්ශ්වද යන්න පිළිබඳව එම විමර්ශනයේදී පූර්ණ වශයෙන් තොරතුරු සොයා බැලෙනු ඇත.
මේ සම්බන්ධයෙන් ගල් අඟුරු අානයනය සම්බන්ධ ආයතනවල වර්තමාන සහ හිටපු නිලධාරීන්ද කෝප් කමිටුව හමුවට කැඳවා ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව ආරංචි මාර්ග සඳහන් කළේය.
ලක්විජය බලාගාරයට මෑතකදී ගෙන්වූ නැව් දෙකකගල් අඟුරු සම්බන්ධයෙන් විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල විය. ඒ අනුව කෙරුණු පරීක්ෂණවලදී එම ගල් අඟුරු සාම්පල් බොහොමයක් තත්වයෙන් බාල බවට තොරතුරු අනාවරණය විය.
මේ අනුව එම ගල් අඟුරු සැපයූ සැපයුම්කරුවන්ට දඩ මුදල් මුදල් නියම කිරීමට රජය විසින් ඉකුත්දා තීරණය කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd