( ප්‍රියානි මංගලිකා )
නිකවැරටිය රෝහලේ පසුගිය දා ඇතිවූ ලේ හිඟය මකන්නට දායක වෙමින්,නිකවැරටිය ජයන්ති නවෝදා මධ්‍ය විද්‍යාලයේ "පුංචි සුමිතුරෝ" සිසු කණ්ඩායම සංවිධානය කල ලේ දන් දිමේ වැඩසටහන අද 27 දා සවස පුරා එම විද්‍යාලයේදී පැවැත්වේ.
නිකවැරටිය රෝහල් ලේ බැංකුව විසින් ලේ ලබා ගැනිම සිදු කෙරුණි.එම වැඩසටහන සඳහා නිකවැරටිය සිංහ සමාජය අනුග්‍රහය දක්වා තිබුණි.
ජයන්ති නවෝදාවේ ලාබාල සිසු කණ්ඩායමක් වන "පුංචි සුමිතුරෝ" සිසු කණ්ඩායම එම පාසලේ ආචාර්ය ගැමුණු එරන්ද මහතාගේ උපදෙස් හා සංවිධානයෙන් යුතුව මීට ප්‍රථමද විවිධ ප්‍රජා සත් කාර්යනට දායක වී ඇති අතර මෙම ලේ දන්දීමෙි වැඩසටහනද එම දරුවන්ගේ මවුපිය වරුන්ගේද මැදිහත් වීමෙන් සිදු කෙරිණි .
සෞඛ්‍ය අංශ වල පූර්ණ උපදෙස් වලට අනුව වැඩසටහන සංවිධානය කර තිබු අතර ,ජයන්ති නවෝදා වේ විදුහල්පති අරුන කුමාර හේරත් මහතාද අවස්ථාවට එක්ව සිටියේය.
ලේ ලබා දීම සඳහා විශාල පිරිසක්ද එක්ව සිටි අතර ඔවුහු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව ක්‍රියා කරමින් ලේ ලබා දීමට පෙල ගැසී සිටි අතර ,ලේ පරිත්‍යාග කල සියලු පරිත්‍යාගශීලීන්ට පුංචි සුමිතුරන් විසින් වටිනා පැලයක්ද පිරිනැමිණි .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුංචි බෝසත් දරුවන්ට යහපතක්ම වේවා ! ලේ පරිත්‍යාග කළ සැමටත්, මේ උතුම් කර්තව්‍යයට උරදුන් සැමටත්, ජාතියේ ප්‍රණාමය !
පොඩි අයගේ වැඩේ දැකලා පාර්ලිමේන්තුවේ ඉන්න අයත් ලේ දන්දීමේ වැඩ සටහනක් පටන් ගනීද කියන්න බැහැ. ඔවුන් ජනතාව ගසාකාපු හැටියට මේ වගේ පිනක්වත් කරගනීද මන්දා?
මෙම පුණ්‍ය ක්‍රියාවට සහභාගී වු ඔබ සැමට යහපතක්ම වේවා !!! ඔබලාගේ සියලු ප්‍රාර්ථනා සඵල වේවා... ඔබලාට දීර්ඝායු ලැබේවා !!!