(ඉන්දික අරුණ කුමාර)
නාඋල එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝ විසිදෙනෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වය ලබාගනිති. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලග්ගල ආසනේ අපේක්ෂක තිලක් බණ්ඩාර මහතා ඉදිරියේ ඔවුහු අද (21) දහවල් සාමාජිකත්වය ලබාගන්නා ලදී.
එක්සත් ජාතික පක්ෂයේ ශාඛා සමිති නියෝජිතයින් මෙන්ම පැරණි එජාප සමාජිකයින් පිරිසක් තිලක් බණ්ඩාර මහතාගේ නාඋල නිවසට පැමිණ බුලත් හුරු ලබාදෙමින් කියා සිටියේ ඉදිරියේ දී දහසකට අධික එජාප පාක්ෂිකයින් පිරිසක් තිලක් බණ්ඩාර මහතාට සහාය ලබාදීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්වන බවයි.
පැවැති යහපාලන ආණ්ඩුව සමයේ තමන් බරපතල අසාධාරණයන්ට ලක් කල බවත්, රට විවිධ පුද්ගලයින්ට භාරදීමට එජාපය කටයුතු කළ බවත් ඔවුහු කියා සිටියහ.
මෙම අවස්ථාවේ දී අදහස් දැක්වු මෙනවර මහ මැතිවරණ අපේක්ෂක තිලක් බණ්ඩාර මහතා කියා සිටියේ වසර 40 ට පසු ලග්ගල ආසනය සදහා ලග්ගල උපන් පුද්ගලයකුට මැතිවරණයට තරග කිරිමට අවස්ථාව හිමි වී ඇති බවයි.
තමන් නොව ලග්ගල දිනවීම සදහා ඉදිරියේ දීත් තමන් වටා එක්වන පිරිස් සාදරයෙන් පිළිගන්නා බව ද හෙතෙම එජාප පාක්ෂිකයින් හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිලෙන නැවේ නගින මෙහෙමත් ගොන් රැලක්.. කන්නේ බත්ද? පිදුරුද? දන්නේ දෙයියෝ තමයි.
ඔන්න ඉතිං ගෙම්බෝ රංචු ඒ පැත්තට, මේ පැත්තට පනින්න පටන් ගත්තා.
මුඛ ආවරණ, සමාජ දුරස්ථතාව කිසිවක් නැත. අපේක්ෂකයා සමග සියලු දෙනා අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යැවිය යුතුයි.
ඔක්කොම වලපයයි, ගොඩපයයි කට්ටියනේ. තරුණයෙක් පේන්න නැහැ.. ඒ කියන්නේ ඒ අයට යමක් වැටහිලා තියෙන පාටයි...
මේ අය ලග්ගල වැඩිමහලු පිරිසක්... ජනාධිපතිවරණයට පෙර "මහාරාවණා නැගිට්ටන්න" හැදුව සහ "අධ්‍යාත්මික නායකයෙක්" ගැන නන්දොඩවපු අයත් මේ පළාතේ හිටියා.... ඒ මුසාවාද අදහන පිරිසක් වෙන්න ඕනේ මේ වැඩිහිටියෝ... මේ අයට අනුකම්පා කළයුතුයි...
මේ පිරිසටත් පසුගිය මාසදෙකේ පන්දාහෙ දීමනාව වහාම ගෙවන්න...
අයියෝ ඕක සුළු දෙයක්නේ... එස්.බී. පැන්නා. කෙහෙළිය පැන්නා. වාසුදේව එල්ලුනා... මර්වින් පැන්නා. මෛත්‍රී පැන්නා.. පැනලා නා ගත්තා. කොටින්ම කියනවා නම් කොමියුනිස්ට් ධර්මේ අැඟේ ඔතාගෙන හිටපු මහින්ද විජේසේකරත් පැන්නනේ.... පැනපු ගෙම්බන් ගැන ලියන්න මේ පිටුව ඉඩමදි... ඡන්දෙන් පස්සේ කී දෙනෙක් පනීද? මතකයිනේ " රංගේ එනවද " කියන එක... ඉතින් මිනිසුන් පිනට දෙනදේ ගන්න ගිහින් තෙරපිලා නොමැරෙයිද?