
(සුජිත් හේවාජුලිගේ )
විගණකාධිපති තනතුර සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර වාද විවාද සහ කඹ ඇදීම් උත්සන්නවීම හේතුවෙන් එම තනතුර පිරවීම මේ වනවිට විශාල අර්බුදයක් බවට පත්ව ඇත.
මෙම මතභේදාත්මක සහ අර්බුදකාරී තත්වය හේතුවෙන් විගණකාධිපති තනතුරේ පුරප්පාඩුව මාස දහයකට ආසන්න කාලයක් තිස්සේ පුරවා ගැනීමට නොහැකිවි ඇත.
විගණකාධිපති ධුරයට ජනාධිපතිවරයා විසින් යොමු කරනු ලැබූ නම් හතරක් විවිධ හේතු මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පසුගිය කාලයේදී වරින් වර ප්‍රතික්ෂේප කෙරිණ.
නව විගණකාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණාත්මක රැස්වීමක් අනිද්දා (3) අඟහරුවාදා සවස 2.00 ට පැවැත්වීමට නියමිතය.
විගණකාධිපති ධුරයට ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මීට පෙර ප්‍රතික්ෂේප කරන ලද විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ නිලධාරීනියක වන එල් එස් අයි ජයරත්න මහත්මියගේ නම එම සභාවට නැවතත් යොමු කර ඇති බව වාර්තාවේ.
ඇයගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මීට පෙර ප්‍රතික්ෂේප කරනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇයට විරුද්ධව පරීක්‍ෂණයක් පවත්වන හෙයිනි.
විගණකාධිපති ධූරය සඳහා සුදුස්සෙකු තෝරා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (31) රැස්වීමට නියමිතව තිබුණද එම රැස්වීම නොපැවැත්විණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd