
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ ඇති දියවඩන නිලමේ නිල නිවාසය අසල අධි ආරක්ෂක කලාපයේ සිට ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගත කළ බව කියන චීන ජාතිකයෙකු දළදා මාළිගාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයා ඩ්‍රෝන කැමරාව සහ එය ගුවන් ගත කිරීමට යොදාගත් උපකරණද සමගින් මහනුවර මූලස්ථාන පොලීසියට අනුබද්ධ සංචාරක පොලීසියට භාරදී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදියට විදේශිකයින් අත්අඩංගුවට පත්වීම රටේ සංචාරක ව්‍යාපාරයට හොඳ දෙයක් නෙමෙයි. ඩ්‍රෝන භාවිතය, කැමරා භාවිතය තහනම් මත්ද්‍රව්‍ය ඇතුළු රටේ නීතිමය කාරණා ගැන දළ අදහසක් විදේශිකයන්ට කලින්ම ලබා දුන්නා නම් තමයි හොඳ...
සංචාරක ව්‍යාපාරයට හානි වන මේ ආකාරයේ නිකං හිස්, විහිලු වැඩ කරන්න එපා! කාට හරි දලදා මාලිගාව ඉහල අහසේ ඉඳල විඩියෝ කරන්න අවශ්‍ය නම් ඊට සුලු මුදලක් අය කරගෙන ඒකට ඉඩ දෙන්න. එයින්, දලදා මාලිගාවට හානියක් වෙන්නේ නැ!
මේවා නම් යල්පැන ගිය නීති, මම වීඩියෝ දැක තිබෙනවා ලන්ඩනයේ රජ මාළිගා උඩින් යවන ඩ්‍රෝන යානා වලින් ගත් ඒවා. මේවායින් කිසිම ආරක්ෂක බිඳ වැටීමක් වෙන්නේ නැහැ, පුපුරන ද්‍රව්‍ය ගෙනියන්න තරම් ලොකු ඒවාත් නෙවේ. ඉහලින් ගත වීඩියෝ නිසා ආරක්ෂාවට තර්ජනයක් නම් ගූගල් මැප් තහනම් කරන්නත් වෙයි