
(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිවල දුම්රිය පාර ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනයය කිරීමට තැත් කළ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවකු සහ සැකකාරියක අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු පොල් ගස් ඕවිට ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකු වන අතර සැකකාරිය කැස්බෑව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදිි කාන්තාවකි.
සැකකරු දෙල්ගහවත්ත හල්පිට ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 සහ මිලිග්‍රෑම් 20 ක් සමග අත්අඩංගුවට ගෙන තිබුණි.
දෙහිවල දුම්රියපොළ පාර ප්‍රදේශයේදී ඉකුත් ජූලි මස දිනෙක යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයකුට වෙඩිි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තැත් කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd