(ඩී.ජී.සුගතපාල)
මාර්තු මස පළමුවන දා සිට මේ දක්වා විදෙස් රටවල සිට පැමිණ ඇති සියලුම පුද්ගලයින්ට ලියා පදිංචි විම සඳහා දි තිබු අවසන් දිනය වන අද (01) දහවල් 12 වනවිට ගාල්ල පොලිස් ස්ථානයේ පුද්ගලයින් 511ක් ලියා පදිංචි වි තිබේ.
මෙසේ ලියා පදිංචි වී ඇති පිරිස අතර ලාංකිකයෝ මෙන්ම විදේශිකයෝ කිහිප දෙනෙක්ද වෙති.
විදේශ රටවල සිට පැමිණි සියලු දෙනාම ලියා පදිංචි විය යුතු බවට රජය විසින් දෙන ලද උපදෙස් අනුව මෙසේ ලියා පදිංචි නොවි ඇති පුද්ගලයින් සොයා අද සිට පරික්ෂණ ආරම්භකරන බව පොලීසිය කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිරෝධනය වන සියලුදෙනාම අනිවාර්යයෙන් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේත් ලියාපදිංචි වෙන්න ඕනේ ,මොකද මොවුන්ගේ නිරෝධන ක්‍රියාවලිය නිරීක්ෂණය කරනු ලබන්නේ මහජන සවුක්ය පරීක්ෂක වරු හරහා සවුක්ය වෛද්‍ය කාර්යාලය මගිනි , බොහෝවිට පොලිසියේ දුරකථන මගින් ලියාපදිංචි වුනත් එම තොරතුරු සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට ප්‍රමාද වෙලා ලැබෙන්න පුළුවන් සමහර වෙලාවට නොලැබෙන්නත් පුළුවන්... පොලිසියේ ලියාපදිංචි වූන සියලුදෙනාම අනිවාර්යයෙන් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සමග සම්බන්ධ වෙන්න. නැතිනම් බොහෝවිට නිරෝධන කාලය (දින 14) ගණන් ගනු ලබන්නේ සවුක්ය වෛද්‍ය කාර්යාලය දැනුවත් කල දිනයේ සිටය... නිරෝධන ක්‍රියාවලිවල අවසාන තීරණය පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සතුබව කරුණාවෙන් සලකන්න.