(වජිර ප්‍රසන්න)

මෙවර මාස් කන්නයේ වගා කටුතු සදහා පොහොර ලබා දෙන ලෙස රජයට බලකරමින් දෙහිඅත්තකණ්ඩිය නගරයේදී උද්ඝෝෂණයක් අද දහවල් පැවැත්වුණි.

ජලය ලබා දුන්නත් නියමිත වෙලාවට පොහොර නොලැබුණහොත් මෙවර මාස් කන්නයේ වගා කටයුතු නොකරන බව පවසමින් ගොවිහු මෙහිදී උද්ඝෝෂණය කළහ.පන්සීයකට ආසන්න පිරිසක් මෙයට එක්ව සිටියහ.

මහවැලි ගොවි අයිතීන් සුරැකීමේ සංවිධානය මෙය සංවිධානයකර තිබුණි.