(අංජුල මහික වීරරත්න)
මේ වසරේ දෙසැම්බර් වන විට අනෙක් සියලු දේශපාලන පක්ෂ අභිබවා යන බලවත් දේශපාලන පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය අප ශක්තිමත් කරන බව එජාප මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාටත් යමක් මතක් කරන්න කැමති බව කී රංගෙ බණ්ඩාර මහතා රට දුර්වල නොකර සියලු දෙනාටම එක තැනකට එන්නැයි විවෘත ආරාධනාවක් කරන අතර ඊට ලැජ්ජා විය යුතු නැති බවද කීය.
ජනතාව එකතු වන ලෙස කියන නමුත් එකතු විය යුත්තේ මහගෙදරට මිස කුලී ගෙදර නොවේයැයි ද පැවසීය. මූලිකම අරමුණ විය යුත්තේ පක්ෂයක් හෝ පුද්ගලයකු බේරා ගැනීම නොව රට බේරා ගැනීම බවද රංගෙ බණ්ඩාර මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහෙලගේ වගතුග අපේ තවම මැකීගොස් නොමැත..
අනේද කියන්නේ? එකපාරක් දුන්නා රිම් එකෙන් යන්න. මේ පාර දෙන්නේ කොහොමද බලාගන්නකෝ... !!!
පොල්පිති වලින් හදන කිසිම දෙයක් ශක්තිමත් වෙන්නේ නෑ මහත්තයෝ... ඔය පැත්තකට විසිවෙලා තියෙන අරටු බැහැපු කළුවර කොට ටිකත් එකතු කරගෙනම හදුවොත් නම් ශක්තිමත් වෙයි...
මේ ඇත්තන්ට තියෙන ප්‍රශ්න ඕවා තමයි. බලේට ඇවිත් කළේත් පක්ෂය හදාගන්න දඟලපු එකමනේ...
මතක ඇතිව සිමෙන්ති ටිකක් වැඩියෙනුයි.. වැලි අඩුවෙනුයි දාන්න. නැතිනම් කඩාවැටෙන්න පුළුවන්...
අපේ මහගෙදර හදපු මේසන් බාසුත් කිවුවේ "ගේ නම් හරි ශක්තිමත්ව හැදුවා" කියලා. අන්න දැන් හැමතැනම ඉරි ගිහිල්ලා. ඔය කොයි බාසුත් අපිට දැන් එකයි...
එහෙම නම් ජේ.ආර්. වත් අභිබවා හයෙන් පහටත් එහා ජනවරමක් ගන්නවා වගේ. සජිත්ට දොස් කියන්න කලින්..., ඔයාගේ නායක රනිල්ට ලැජ්ජාවක් තියනවද කියලා බැලුවා නම් හොඳයි. කවුරුත් දැනදැන ගිලන නැව්වලට ගොඩවෙන්න නැහැ. දේශපාලන අනාථයින් තමයි රනිල් සමග ඉන්නේ. ඉදිරියේදී විමල් වගේ අනාථයින් ටිකත් ඔය ගොඩට එක්වන බව නම් ආරංචියි..
ඔබලා හැමදාමත් පක්ෂ පෙරමුණු හද හදා ඉන්න. අවුරුදු 73ක් තිස්සේ කලේ බලය ලබාගන්නේ කොහොමද කියන එක මිස රට හැදීම නොවේ...
පොඩි එවුන් දකින හීන...