(සුජිත් හේවාජුලිගේ )
කොළඹ, ගම්පහ සහ කුරුණෑගල කොරෝනා අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ප්‍රමාණ සැලකිල්ලට ගෙන මෙලෙස ප්‍රකාශයට පත් කළ බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
රටපුරා කොරෝනා සීග්‍ර ලෙස පැතිරීමේ අවදානමක් මතුව ඇති බවත් මේ තත්ත්වය යටතේ ජනතාව මේ සති අන්තයේ දැඩි පරිස්සම් කාරී ලෙස කටයුතු කිරීම වැදගත් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය .
හැකිතාක් දුරට සංචාරණ සීමා කර සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම පිළිපදින ලෙස රෝහණ මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප දැනගත්තා අපේ රටේ මිනිස්සු අවුරුදු කාපු හැටියෙන්ම.. වැඩේ මෙහෙම වෙයි කියා. කෝවිඩ් පාලන අංශවල දුර දැකීමේ නුවණ ගැන අපට නම් තියෙන්නේ මාර පිළිගැනීමක්... මේ වගේ දුර දැකීමේ නුවණක් ඇති අය ලොව තවත් නැතුව ඇති... අම්මපා ... පුදුම ආඩම්බර විය යුතු මිනිස් කොට්ඨාශයක් තමයි අපි.