
ජයරත්න වික්‍රමාරච්චි
අතුරුදන් වී සිටි බව කියන නවගත්තේගම අතුරුපලයාගම ප්‍රදේශයේ දසහැවිරිදි දැරියක සිරුර ගෙවත්තේම අනාරක්ෂිත ළිඳක් තුළ තිබී සොයා ගත් බව නවගත්තේගම පොලීසිය කියයි.
නවගත්තේගම අතුරුපලයාගම ප්‍රදේශයේ පදිංචි නවරත්න මුදියන්සේලාගේ නෙත්මි සත්සරණි නමැති දැරියගේ මළ සිරුර එසේ සොයාගත් බවද පොලීසිය පවසයි.
ඉකුත් 21 දින දහවල් සිය මවත් සමග නිවසේ සිටියදී අතුරුදන්වී ඇති බව කියන මෙම දැරිය සෙවීමට මව්පියන් හා අසල්වාසීන්ද කටයුතු කර ඇති නමුත් තොරතුරක් නොළැබීම හේතුවෙන් දැරියගේ මව්පියන් මේ ගැන එදින සවස නවගත්තේගම පොලීසියට පැමිණිල්ලක්කර ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය අසල්වාසීන්ගේද සහය ඇතිව දැරිය සොයා මෙහෙයුක් ආරම්භකර ඇති අතර, මෙහිදී එම ගෙවත්තේ අනාරක්ෂිත ළිඳක් තුළ තිබී දැරියගේ සිරුර සොයා ගැනීමට හැකි වූ බවත් පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ වැසියන්ට ආරක්ෂාව ගැන නිසි අවබෝධයක් නැහැ... ඉදිරියට පැමිණිය හැකි අනතුර ගැන අවබෝධයක් නැහැ. මේ නිසා ගමක ග්‍රාමසේවකට නිසි පුහුණුවක් දී වගකීමක් දෙන්න ඕනේ මෙවැනි අන්තරායකර තැන් නිරීක්ෂණය කර උපදෙස් දීමට හෝ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට...
"සුදු නෙළුම කෝ - සොරබොර වැවේ " මේවා දෙමව්පියන්ගේ නොසැලකිලිමත්කම පව් අහිංසක දැරිය...!!!