(රෝෂන් තුෂාර)

කොළඹ දිසා අධිකරණයේ ඉහළ මහලෙ වූ වැසිකිළි හා කැසිකිළිවල අප ජලය  ඊට පහළින් වූ දිසා අධිකරණ ප්‍රධාන ලේඛනාගාරයට වැටීමේ එහි කටයුතු සම්පූර්ණයෙන් ඇණ හිට ඇතැයි එහි සේවකයෝ කියති.

වසර සිය ගණනක් පැරණි ගොඩනැගිල්ලක පිහිටි දිසා අධිකරණයේ සංවර්ධන කටයුතු මේ දිනවල සිදුවන අතර එම සංවර්ධන කටයුතු අතරතුර අපජලය පහළට වැටීම සිදුවී ඇත.

ඉපැරණි ගොඩනැගිල්ලේ ඉහළ මාලය ලී වලින් තැනූ සොල්දරයක් මත පිහිටා ඇති අතර බිම් මහලේ ලේඛනාගාරය පිහිටා ඇත.

අධිකරණ නිලධාරීන් රාජකාරි කටයුතුවල නිරත වෙමින් සිටියදී මෙම අප ජලය පහළට වැටීමෙන් පසුව ලේඛනාගාරයේ විදුලිය ද විසන්ධි වී රාජකාරී කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුව ඇති බව සේවකයෝ පවසති.