IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


දේශීය නිෂ්පාදකයන්ගෙන් වෛද්‍ය සැපයුම් ගන්න කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ දේශීය ඖෂධ නිෂ්පාදකයින් වෙතින් අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයීම් ප්‍රසම්පාදනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

දේශීයව නිෂ්පාදනය කරනු ලබන ඖෂධ සහ වෛද්‍ය සැපයීම් ඉදිරි වසරක කාලයක් සඳහා හඳුනාගනු ලැබ ඇති දේශීය නිෂ්පාදකයින් වෙතින් මිල දී ගැනීම පිණිස 2024-10-14 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. 

ඒ අනුව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමඟ බද්ධ ව්‍යාපාර ගිවිසුම් අත්සන් කරනු ලැබ ඇති දේශීය නිෂ්පාදකයින්, සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ පසු මිල දී ගැනීමේ ගිවිසුම් අත්සන් කරනු ලැබ ඇති දේශීය නිෂ්පාදකයින් සහ දැනට ගිවිසුම්ගත වී නොමැති දේශීය නිෂ්පාදකයින් විසින් සැපයිය හැකි ඖෂධ වර්ග ලැයිස්තු 4 ක් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කර තිබේ.

එම ලැයිස්තු 4 පරීක්ෂා කර අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, පහත සඳහන් පරිදි ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* ඖෂධ වර්ග 42 ක් සැපයීමේ ප්‍රසම්පාදනය රුපියල් මිලියන 5,398.83 ක මුදලකට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව වෙත පිරිනැමීම.

* ඖෂධ වර්ග 131 ක් සැපයීමේ ප්‍රසම්පාදනය රුපියල් මිලියන 16,611.42 ක මුදලකට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමඟ බද්ධ ව්‍යාපාර ගිවිසුම් අත්සන් කරනු ලැබ ඇති දේශීය නිෂ්පාදකයින් වෙත පිරිනැමීම.

* ඖෂධ වර්ග 36 ක් සැපයීමේ ප්‍රසම්පාදනය රුපියල් මිලියන 9,022.10 ක මුදලකට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සමඟ පසු මිල දී ගැනීමේ ගිවිසුම් අත්සන් කරනු ලැබ ඇති දේශීය නිෂ්පාදකයින් වෙත පිරිනැමීම.

* ඖෂධ වර්ග 130 ක් සැපයීමේ ප්‍රසම්පාදනය රුපියල් මිලියන 13,374.65ක මුදලකට අලුතින් තෝරාගත් දේශීය නිෂ්පාදකයින් 24ක් වෙත පිරිනැමීම.



අදහස් (2)

දේශීය නිෂ්පාදකයන්ගෙන් වෛද්‍ය සැපයුම් ගන්න කැබිනට් අනුමැතිය

Lankabarana Tuesday, 03 December 2024 04:45 PM

කෝච්චියේ ඇංජිම නම් අබලන් මාර්ගයේ පීලිගත කරලා තියෙනවා දැන් මාර්ගයත් අලුත්වැඩියා කරල මැදිරි ටිකත් පීලිගත කලොත් සීඝ්‍රගාමීව යන්න පුලුවන් වේවි හරි සතුටුයි

:       0       0

MAP Hemachandra Wednesday, 11 December 2024 05:36 AM

මොකාගෙන් ගත්තත් තත්වය බලලා ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 298 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 783 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 142 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site