(අංජුල මහීක වීරරත්න)
මාධ්‍යවේදී තරිඳු ඉරංග ජයවර්ධන මහතා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ බෙදාගන්නා ලද ප්‍රවෘත්තියකට බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගිය 01 දා දැක්වූ ප්‍රතිචාරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට නොගැලපෙන්නක් හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති පැමිණිල්ල වෙනුවෙන් සෘජුව මැදිහත්වී ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන මෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගෙන් ඉල්ලා සිටින බවත් හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
නිදහස් අදහස් ප්‍රකාශ කරන මාධ්‍යවේදීන් මෙන්ම සමාජ මාධ්‍ය පරිශීලකයන් පසුගිය කාලය පුරාම රාජ්‍ය තන්ත්‍රය වෙතින් හා උසස් පොලිස් නිලධාරීන්ගේ දෝෂදර්ශනයට ලක්වූ ආකාරයත්, ඔවුන්ට වක්‍රාකාරයෙන් තර්ජනය කරන ආකාරයත් ගැන දිගින් දිගටම නිරීක්ෂණය කළ බව සඳහන් කරන විජයවර්ධන මහතා මාධ්‍යවේදීන්ට හා සමාජ මාධ්‍ය පරිශීලකයන්ට අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහසට එල්ලවන බාධාවන් පක්ෂයක් ලෙස තරයේ හෙළා දකින බවද සඳහන් කරයි.
"මෙය ජනාධිපතිවරයා හා ආණ්ඩුව වහාම මැදිහත්ව නිවැරදි කළ යුතු කාරණයකි. එසේ නොකර මාධ්‍යවේදියා ගේ පන්හිඳ නිදහසේ හැසිරවීමට බාධා කරන්නේ නම් අපි ඊට එරෙහි වන්නෙමු.එම නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහත්වරුන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම කාරණය පිළිබඳව විධිමත්, අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා භාෂණයේ නිදහස ආරක්ෂා කිරීමට කැපවන ලෙසයි යනුවෙන්ද විජයවර්ධන මහතා සඳහන් කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නිදහස් මාධ්‍ය සඳහා කරන්නා වූ හිරිහැර නිසා රජය අපහසුතාවයට පත්වේ. එපමණක් නොව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මෙසේ කරනුයේ ඉහළ දේශපාලන නායකයින්ගෙන් ලකුණු දමා ගැනීමට වන්නට ඇත. නමුත් සිදුවන්නේ රටේම ලකුණු කැපී ජාත්‍යන්තරය ලංකාවට බලපෑම් එල්ල කිරිම වේ. ජනමාධ්‍යට හිරිහැර කොට රටක් පාලනය කිරීමට නොහැක.
කවුද ලංකාවේ හරි වැඩක් කළේ..? එහෙම කළා නම් මෙහෙම වෙන්නේ නැහැ.
ත්රස්තවාදියකුට කරපු දේ මිනිස්සුන්ට කරනවා කියලා තර්ජනය කරපු මෝඩ පාලකයෙක් ඉන්න රටක, මේ වගේ ඒවා තමයි වෙන්නේ.
කොටුව පොලිසියේ ට්‍රැෆික් රාලහාමි කෙනෙක් වෙලා හිටපු කාලේ ඔය දේශබන්දු මිනිස්සුන්ගෙන්, සිගරට්, ප්ලේන්ටි වගේ දේවලුත් අල්ලස් විදිහට අරගත්තා...
ඕන බොරුවක් කියන්න පුලුවන් කියලාද කියන්නේ... එතකොට මිනිස්සු ඇත්ත දැනගන්නේ කොහොමද?