(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සාම විනිසුරු පත්වීම් තවදුරටත් දේශපාලනිකව ලබා දෙන්නේ නැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙරට සාම විනිසුරුවරුන් වෙනුවෙන් පුහුණුවීම් ලබාදීම, දැනට සිටින සාම විනිසුරුවරුන් සංඛ්‍යාව, වාර්ෂිකව අලුතින් පත් කරනු ලබන සාම විනිසුරුවරුන් සංඛ්‍යාව හා සාම විනිසුරුවරයෙකු ලෙස ඉල්ලුම් කිරීමට අවශ්‍ය සුදුසුකම් ඇතුළු කරුණු සම්බන්ධයෙන් හේෂා විතානගේ මහතා

පාර්ලිමේන්තුවේදී අද (06) ප්‍රශ්න කළේය.