
(රවීන්ද්‍ර නෙත්තසිංහ)
"වරායට නැවක් ඇවිත් තිබුණේ. තෙල් ටික එළියට ගන්න විතරයි තිබුණේ. එවැනි අවස්ථාවල යම් යම් ප්‍රකාශ කිරීම මම හිතන්නේ දේශපාලන වශයෙන අවබෝධයක් නැතිකම හෝ පළපුරුද්දක් නොමැතිකම නිසා තමයි ජනතාව කලබල වෙලා අනවශ්‍ය විදිහට පෝලිම් ඇතිවුනේ" යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාරම්මල දී පැවසීය.
ඇත්ත වශයෙන්ම රටේ තෙල් අර්බුදයක් තිබුණේ නැහැ. යම් යම් තෙල් දවස් හතරකට තියෙන්නේ, දවස් තුනටයි තියෙන්නේ කියලා කිව්ව වැරදි ප්‍රකාශ නිසා මිනිස්සු කලබල වුනා. අපේ පෙර යුග වල සමහර අවස්ථාවල පැය 24 කට විතරයි තෙල් තිබුණේ නමුත් නැව් ගෙන්නල තිබුණා. නැවෙන් ගොඩබාන එක විතරයි කරන්න තිබුණේ. ඒ තත්වයන් අද වෙනස් වෙලා තියෙනවා. වෙනස් කරගෙන යනවා. අපිට අපේ රට දියුණු කරන්න ඕනෙ. ප්‍රදේශ දියුණු කරන්න ඕනෙ. මහාමාර්ග දියුණු කරන්න ඕන මුලින්ම. අද රටේ ජනතාවගෙන් සීයට අනූ අටකට අනූ නමයකට විදුලිය තියෙනවා. අපට ජලයත් ඒ විදිහටම දියුණු කරන්න ඕන. වාසුදේව ඇමතිතුමා ඒ කටයුතු කරගෙන යනවා. අපි සෑම පුරවැසියකුටම බීමට පිරිසිදු ජලය ලබාදීමේ වැඩසටහනක් රටපුරාම ක්‍රියාත්මක කරන්න පියවර ගනිමින් තියෙනවා. එතකොට අපට විදුලිය තියෙනවා. ජලය තියෙනවා. ඒ විදිහට තමයි අපි ජනතාවගේ අවශ්‍යතා ඉටු කීරීමට ප්‍රමුඛත්වය දෙන්නේ. ඒ නිසා අපි සියළු දෙනාගේ යුතුකමක් තියෙනවා එකතුවෙලා මේ රට ගොඩනගන්න.
අග්‍රාමාත්‍යවරයා මහතා මේ බව කියා සිටියේ නාරම්මල ප්‍රාදේශීය සභාවේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමි අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැව ආවට, සල්ලි නොදී තෙල් ගොඩ බාන්න දෙන්නේ නෑ. ඔයා කියන දේ නම් තිබුනේ, ඔයාට තිබ්බනේ ප්‍රකාශයක් කරන්න.. දැන් එනවා බොරු කියන්න...
ඔයාගේ ඔය බයිලා තවමත් නවත්තන්න බැරිද? ඒවා අහලා අපිට එපාවෙලා තියෙන්නේ... බොරුවක් කරන කොට අලුත් විදියට කරන්නකෝ? මිනිස්සුන්ට අහු නොවෙන විදියට...
නැවක් ඇවිල්ලා තිබුණේ, එළියට ගන්න විතරයි තිබුණේ... තෙල් නැව් බොහොමයක් එනවා. එළියට ගන්න තමයි බැරි ඩොලර් නැතිව. විදුලිය නිපදවන්නවත් ප්‍රමාණවත් ඉන්ධන තවත් නැහැ. එළියට ගත්තා නම් තියෙන්න එපෑයෑ. කාව මුලා කරවන්නද මේ බොරු ඇදබාන්නේ? මේ උග්‍ර අර්බුදය සතියකටත් වැඩියි...
දේශපාලන අත්දැකිම් නැති අයට ඇමැතිකම් දුන්නේ ඔය අයියා, මලෝම නේද? එහෙම නම් මේ තත්වයට වගකිව යුතු වන්නෙත් ඒ දෙන්නා නොවේද..?
ගොනාට ඇන්දවීම ගැන නොදැන දේශපාලනේ කරන්න බැහැ කියන එකනේද මේ කියන්නේ?
මෙච්චර කල් අවුරුදු කීයක් මන්ත්‍රිවෙලා හිටියද? අවුරුදු කීයක් ඇමති වෙලා හිටියද? අවුරුදු කීයක් අගමැති වෙලා හිටියද? අවුරුදු කීයක් ජනාධිපති වෙලා හිටියද? අවුරුදු කීයක් 2/3 තිබුණාද? දැන් මොනවද කියවන්නේ..?
මේ රටේ ජනතාවටද මේ කතාකරන්නේ? නැතිනම් පෙරපාසල් ළමයින්ට කතා කියලා දෙනවද? හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටක් විදිහට මීට වඩා සැහැල්ලුවෙන් ජීවත් වුණා අපි.
විදුලිය තියෙනවා කියන්නේ ගෙදරට වයර් එකක් ඇදලා තියෙන එකටද?
තවත් මේ අයගේ කතා අහන වහල්ලු ඉන්නකන් රටට අබ සරණයි.
අගමැතිතුමනි, ඔබ මේ කියන දේ ඇත්ත තමයි. ඒත් ඔවුන්ගේ ජාතිවාදයෙන් සහ බොරු දේශප්‍රේමයෙන් උපරිම වාසි ලබාගත්තේ මහජනතාව නොවන බව කිවයුතුයි...
වරායට ආපු තෙල්නැව දැකදැක ඒකට ගෙවාගන්න ඩොලර් නැතිව හූල්ල හූල්ල ඉන්න එකට තමයි ලංකාවට තියෙන ආර්ථික අර්බුදය කියන්නේ... එහෙම නැතිව ලෝකේ තෙල් ඉවර වෙලාවත්, ලංකාවට නැව් එන්න බැරි නිසාවත් නෙමෙයිනේ... මේ අර්බුදේ ඇතිවෙලා තියෙන්නේ... ඔහෙලා එක්කොම එකට එකතුවෙලා මේ රට හොරා කාපු හින්ද තමයි අද මේ රටට මේ අර්බුදය ඇති වුනේ... දැන් නිකන් සුදනෝ වගේ කථාකරනවා මේ කිසිදෙයක් දන්නෑ වගේ... ඔව්වා කියන්න ගිහිල්ලා තියෙන ඡන්ද ටිකත් අඩුකරගන්න එක තමා මේ කරන්නේ...
අපිටද ඕක කිව්වේ?
දැන්වත් බොරු නොකියා ඉන්න...!
බොරු කාරයින්ට ආයුෂ වැඩිඑකනේ පුදුමේ...!
රටේ තෙල් අර්බුදයක් නැත්නම් අහවල් දේකටද විදුලිය කපන්නේ?
අවුරුදු 02ක් වාහන ගෙන්වපු නැති, තෙල් ගෙන එන්න මුදල් හිඟ රටේ අලුතින් මහාමාර්ග හදන්න කතාකරන්නේ කොහොමද? එහෙම නැතිනම් ගහන කොමිස් කුට්ටිය අඩුවෙලාද?
දේශපාලන අත්දැකීම් කෙසේවෙතත් හොරකම්, වංචා, දූෂණ, වැඩවලට නම් දේශපාලුවන්ට තියෙන්නේ පුදුම නුවණක්..!
ඔබේ කීම සහතික ඇත්ත මොකද අවුරුදු පනහකට ආසන්න අත්දැකීම් ඇති ඔබතුමාත් ඇතුළුව හිටපු පාලකයින් ගත් ණය නිසා රටේ ඩොලර් නැතුව අත්‍යාවශ්‍ය දෙයක් පවා කරගන්න බැරිවෙලා තියෙනවා. එහෙම කියනවා වැරදි නම් ඔබතුමා බුදුදහම අදහන කෙනෙක් ලෙසටත් අත්දැකීම් නැහැ. මොකද බුදු දහමේ කියන්නේ ලැබෙන ආදායම් හතරකට බෙදා වැඩකරන්න කියලා.. නමුත් ගත්තු ණයත් එහෙම කළොත් ලොකු අමාරුවකට වැටෙනවා...
2019 ජනපතිවරණයට කළින් දේශපාලනයට අත්දැකීම් අඩු පුද්ගලයින්ට ඡන්දෙ දෙන්න එපා කියලා කිව්වා නම් අද අපි ඉන්ධන, පෝර නැතිව දුක් විඳින්නේ නැහැ නේද?