
(ශාන්ත රත්නායක)
ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සේවයේ නියතුව සිටියදී මියගිය රණවිරුවන්ට අවුරුදු 55 යෙන් පසු ලබා දෙන විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලා සියලුම ත්‍රිවිධ හමුදා හා පොලිසියේ මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන්ගේ එකමුතුව සංවිධානය කරන පා ගමනක් හා උද්ඝෝෂණයක් අද ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණ කලාපයේදී පැවැත්විණි.
කොටුව දුම්රිය පොළ ඉදිරිපිටින් ආරම්භ වූ මෙම පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණ කලාපය වෙත පැමිණ විරෝධතවයේ නිරතවූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අර කටු ඇනුණ අයට දැන් සනීප වෙලාද දන්නේ නෑ.. ලියපු කෙබර ටික ලේකම් ගොයියාට හොයා ගන්නත් නෑ...
යුද්ධය අවසානවෙලා හුඟක් කල්ගිහින්.. දැන් මොන දීමනාද මේ ඉල්ලන්නේ හරිම අසාධාරණයි මේ ඉල්ලීම්... මීට වඩා ප්‍රමුඛත්වය දියයුතු දේවල් රටේ ඉහළටම පැමිණ තිබේ. මැතිඇමැතිවරුන්ගේ අලුත්ම වාහන සඳහා බලපත්‍ර තීරුබදු සහන අවශ්‍යයි. මැතිඇමැති රක්ෂණ ආවරණය රුපියල් ලක්ෂ 10දක්වා වැඩිකිරීමට අනුමැතිය හිමිවී ඇත. ජනපති, අගමැති, මැතිඇමතිවරුන් හෙලිකොප්ටර් වලින් ගමන් යායුතු බැවින් වියදම් කිරීමට මුදල් වුවමනාවක් ඇත. ඔවුන් 24 පැයේම ජනතාව සඳහාමය. දේශපාලකයෝ තම දරුවන් විදෙස් රටවලට යවා අධ්‍යාපනය ලබාදෙන බැවින් ජනතාව ඒ සඳහා යම්කිසි කැප කිරීමක් කළයුතුයි. ජීවිත පරිත්‍යාග කිරීම එතරම් වැදගත් කරුණක් සේ සැලකීමට කරුණු යෙදී නොමැති නිසා මේ ඉල්ලීම් සලකා නොබලන්නට සාධාරණ හේතු ඇත.. රටේ සංවර්ධන කටයුතු සඳහා බාධා නොකර සිටීමට වගබලා ගන්නා ලෙස කරුණාවෙන් දැනුම් දෙමු.