IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


දෙවැනි රැල්ලක අවදානම මැද යුරෝපය අඟුළු අරී

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ දැඩි සීමා ලිහිල් කිරීමට යුරෝපයේ රටවල් රැසක් අද (4) පියවර ගත්තේය.

ඒත් සමඟ මිලියන ගණනක් යුරෝපීය ජාතිකයෝ නගරවලට පැමිණියහ. සීමා ලිහිල් කිරීමේ පියවරේ ඉදිරියෙන්ම සිටියේ වයිරසයෙන් දැඩි බලපෑමක් එල්ල වූ ඉතාලියයි. යුරෝපයේ වැඩිම කාලයක් ‘ලොක්ඩවුන්’ සීමා පනවා තිබුණේ ඉතාලියේ වන අතර ඉතාලිය මාස දෙකක අධික කාලයක් රට වසා දමා තිබිණි.

අද (4) පස්වරු (5) වනවිට ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ ලක්ෂ 35 ඉක්මවා තිබිණි. කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගිය ගණන 2,48,641ක් විය. සුව වූ සමස්ත සංඛ්‍යාව 11,61,089 කි.

ලොවපුරා බිහිසුණු සිහිනයක් වී තිබෙන ‘කොවිඩ්-19’ වසංගතය නිමා කරන බවට යම් බලාපොරොත්තුවක් දෙමින් මේ වසර අවසානයේදී එන්නතක් සූදානම් කිරීමට හැකිවනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා (3) පස්වරුවේ පැවැසීය.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ‘නව කොරෝනා වයිරස’ වසංගතය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය මේ වනවිට රටවල් සහ පරිපාලන ප්‍රදේශ 219කට ව්‍යාප්ත වී ගොස් ඇත.
තාක්ෂණය දියුණු අතී නවීන නූතන ලෝකයේ කාලය අන් හැර සියල්ල නැවැතී ඇත. නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සීමා කිරීම සඳහා පැනවූ ‘ලොක්ඩවුන්’ සීමා හේතුවෙන් ලෝක ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් ඔවුන්ගේ නිවාසවලට කොටු වී සිටිති. ගෝලීය ආර්ථිකය අකර්මන්‍ය වී තිබෙන අතර මිලියන දස දහස් ගණනකට රැකියා අහිමි වී ඇත.

රටවල් විවෘත කිරීමත් සමඟ කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් ඇති වීමේ අවදානමක් හටගෙන ඇති අතර මේ හේතුවෙන් ලෝක නායකයෝ ඇතුළු දේශපාලනඥයෝ අර්බුද රැසකට මුහුණ පා සිටිති.

ඇමෙරිකා එක්සත් ජනපදයට පසු දෙවැනියට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඉතාලිය අද (4) ඇතැම් සීමා ලිහිල් කළේය. සීමා ලිහිල් කිරීමත් ඉතාලියේ සැලකිය යුතු පිරිසකට වසන්තයේ හිරු රශ්මිය විඳ ගැනීමට අවස්ථාව සැලැසිණි. එරට ඇතැම් වැඩබිම් සහ කර්මාන්ත විවෘත කිරීමට ද පියවර ගෙන තිබිණි.

අවන්හල් විවෘත කළ ද ඒවායේ රැඳී සිට ආහාර ගැනීමට නොහැකි අතර කෝපි ඇතුළු පාන වර්ග අලෙවි කරන ස්ථාන සහ අයිස් ක්‍රීම් අලෙවි කරන ස්ථාන තවදුරටත් වසා දැමීමට ද ඉතාලි බලධාරීහු පියවර ගෙන ඇත.
පොදු ප්‍රවාහනය සීමා කර ඇති අතර මුණ ආවරණ පැළැඳීම අනිවාර්ය වේ.

055



අදහස් (1)

දෙවැනි රැල්ලක අවදානම මැද යුරෝපය අඟුළු අරී

dinesh nawarathne Tuesday, 05 May 2020 04:35 AM

රටවල් හැමදාම වහල තියන්න බැහැ. රෝගයකට බියෙන් රටවල් වැහුවම මිනිස්සු මැරෙන්නේ බඩගින්නේ. දැනටමත් ලංකාවේ ලක්ෂ 12 ක් රැකියා නැතිවෙලා. රැකියා අපේක්ෂිත ළමයින්ට හැමදාම ඔහොම ඉන්න බෑ. රටේ සුබසාධන වියදම් කපා හරින්න බැහැ. දිනකට ලංකාවේ ආදායම රුපියල් බිලියන 05 ක් තිබුනා. වියදම බිලියන 07 ක් . දැන් මේ අයවැය හිඟය තවත් වැඩි වෙලා. කොරෝනා බිංදුව කලාට පස්සේ රට විවෘත කරන්න හිතාන ඉන්නවානම් ඒක අනුවණ තීන්දුවක්. කොරෝනා බිංදුව වෙන්නේ ලබන අවුරුද්දේනම් මේ සියල්ල නතර කරගෙන ඉන්න අපට පුළුවන්ද? කැලේ කටු තියේනම් ආරක්ෂිත ඇදුමක් හා පාවහන් දාගෙන කැලේට රිංගන්න. කියන්න තියෙන්නේ එච්චරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31642 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14066 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 178 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1110 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site