
(බිමල් ශ්‍යාමන් ජයසිංහ පානදුර සුමිත් පොතුපිටිය)
පානදුර උතුර කෙසෙල්වත්තේ ගම්මැද පාර ඉඳිකරමින් පවතින සුඛෝපභෝගී තෙමහල් නිවසක දෙවන මහළෙ අනාරක්ෂිත කොරිඩෝවෙන් පහලට ඇදවැටීමෙන් ප්‍රධාන පෙදරේරුවා රී මියගොස් ඇතැයි පානදුර උතුර පොලීසිය සඳහන් කරයි
මෙලෙස මියගොස් ඇත්තේ මාතර හක්මන ප්‍රදේශයේ පදිංචිව සිටි ඉන්දික නිරෝෂන් 40 හැවිරිදි තිදරු පියෙකි
මියගිය ප්‍රධාන පෙදරේරුවා ගෝලයන් තිදෙනකු සමඟ සුඛෝපභෝගී නිවසේ දෙවන මහලේ කාමරයක පැදුරු දමා ඒ මත මත්පැන් සාදයක් පවත්වා ඇති අතර අනතුරුව වෙරිමත වැඩි වූ බැවින් පිරිස ආහාර නොගෙනම නින්දට ගොස් තිබූ බව පොලිසිය කියයි.
අළුයම අවදිව බලන විට ප්‍රධාන පෙදරේරුවා බිම් මහලේ බිම දමා තිබූ කම්බි ගොඩක් මත උඩබැලි අතට ඇද වැටී සිටින අයුරු එක් සේවකයෙක් දැක ඒ බව පොලිසියට දැනුම් දී ඇත
සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතා පාණදුර කොට්ඨාස අපරාධ ස්ථාන නිලධාරීන් සමඟ එම ස්ථානයට ගොස් විමර්ශන සිදු කළහ
මියගිය ප්‍රධාන පෙදරේරුවා සමඟ සිටි පිරිසගෙන් ප්‍රකාශ ලබාගත් බවද පොලිසිය කියයි . මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට ද නියමිත ය
පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ ,සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සියලු රස මහත්වරුන්ගේ උපදෙස් මත පානදුර උතුර පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වි චන්ද්‍රරත්න මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.



මියගිය ප්‍රධාන පෙදරේරු ඉන්දික නිරෝෂන් 40 තිදරු පියා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd