
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව දෙවැනි කාර්තුවේ දී මෙරට පුද්ගලික අංශයේ සේවකයන් පිරිස ඉහළ යද්දී, රාජ්‍ය අංශයේ සේවකයන් පිරිස ලක්ෂ 2කින් පමණ පහළ වැටී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ.
පළමු කාර්තුවේ දී මෙරට රාජ්‍ය සේවකයන් පිරිස 1,302,185 ක් වී ඇති බවත් එය දෙවැනි කාර්තුවේදී 1,165,094 ක් දක්වා අඩු වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ. එසේම පළමු කාර්තුවේ දී මෙරට පෞද්ගලික අංශයේ සේවකයන් පිරිස 3,808,235 ක් බවත් දෙවැනි කාර්තුවේදී එය 3,814,313 ක් දක්වා වැඩි වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.
එසේම පළමු කාර්තුවේ දී 8,461,936 ක් වූ මෙරට ආර්ථික වශයෙන් සක්‍රීය ජනතාව දෙවැනි කාර්තුවේ දී 8,491,296 ක් දක්වා ඉහළ ගොස් ඇති නමුත් තවමත් මෙරට ආර්ථික වශයෙන් සක්‍රීය ජනතාවට වඩා අක්‍රීය ජනතාව ඉහළ බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්ත වාර්තාව පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ ප්‍රවණතාවයක්. තවදුරටත් ඉදිරියට ගෙනයාමට උත්සාහ දරමු.
රජයේ සේවක පිරිස අවම වශයෙන් ලක්ෂ 9 කරන්න ඕනේ ඉදිරි වසර 3 තුල නැත්නම් ඉදිරි පරම්පරා 2-3 ම අනාගතේ අදුරේ , රජයේ වියදම්වලින් විශාල ප්‍රමානයක් වැය වෙන්නේ රජයේ සේවකයෝ නඩත්තු කරන්න
මේ අක්‍රිය උන් ටික සක්‍රිය කළානම් රටම ගොඩ? අක්‍රිය වෙලා ඉන්නේ වැඩ නැතුව නෙමෙයි — කම්මැලි කමට. අපේ වත්තේ වැඩට දෙන්නෙක් ගත්තා වෙන රටවල උන් දවසකට කරන වැඩේට මේ දෙන්නාටම සතියක් ගියා. ප්‍රශ්නය තියෙන්නෙ ඔතනයි. ඒ සදහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ගෙන්නගන්න විදිහක් නැහැ . රේගුව කට ඇරගෙන ඉන්නව ගේනකල්
එය ඉතා හොද ප්‍රවණතාවයක්. අවම රාජ්‍ය සේවක ප්‍රමාණයක් පවත්වාගෙන යන ගමන්, ඉහල කාර්යක්ෂමතාවයක් පවත්වා ගෙන යාමට රජය උපරිම උත්සාහය ගත යුතුවේ. ලංකාවේ අකාර්යක්ෂම රාජ්‍ය සේවය පසුගිය වසර ගණනාවක් පුරා සිදුවූ රාජ්‍ය සේවයේ බිද වැටීමට විශාල හේතුවක් වූවා සේම, හුදෙක් රාජ්‍ය සේවයට බැදීම, වුර්ථීය සුරක්ෂිතභාවය සදහාම විය. මේ නිසා බොහෝවිට, දක්ෂ කාර්යක්ෂම සේවකයන වෙනත් ශ්‍රේත්‍ර කරා ඇදී යාමක්ද සිදුවිය.
එන්න, මේ ඔබේ රට, අපි වැඩ කරමු.
අර අක්‍රිය කතාව ඇත්ත. ෆෝන් ඔබ ඔබ ඉන්නව හැර වෙන වැඩකට යන එක පේන්නෙ නැහැ සමහරුන්ගෙ, ගම්වල නගරයේ වැඩ තිබුණත් ඒවට යෙදවෙන අය සෙවීම අමාරුයි. ගාමන්ට් අංශවල වැටුප් පවා ප්‍රදර්ශනය කර තිබෙන්නෙ ඒවයෙ සේවකයො හිඟ නිසා නොවේද? කම්මැලිකම අලසකම උරුම රටක් මේක
ඉලක්කමෙන් විතරක් මොකක්වත් කියන්න බෑ. රජයේ සේවකයෝ අඩු වෙන්නේ විශ්‍රාම යන නිසාද? පුද්ගලික අංශේ වැඩි වුනේ නව බඳවා ගැනීම් නිසාද?
එහෙනම් අඩුවෙච්ච ටික අපේ ඩෝබිලගෙන් පුරවන්න පුලුවන්. හැබැයි උන්ට පුලුවන් වෛර කරන්න විතරයි. වැඩ බෑ. ඒකයි අප්සෙට් එක.
60000ක් හමුදා සේවය හැර ගිහිල්ලා. ඔවුන්ගේ පහසුකම් කපලා කෙනෙහිලිකම් කරාම එහෙම වෙනවා. ඩයස්‌පෝරාවේ රූකඩ ආණ්ඩුවෙන් ඔයිට වඩා පලිගැනීම් හමුදාවට සිද්ධ වෙයි
රාජ්‍ය සේවය කුඩා වෙන තරමට රටට හොදයි, හැබැයි ඒ වගේම දූෂණයෙන් තොරව කාර්යක්ෂම හා ස්වාධීන සේවයක් වෙන්න ඕනා.