IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


දේව යාච්ඥාවකට ගිය හැටන් වතු කම්කරුන් 65 ක් නිරෝධායනයට

(රංජිත් රාජපක්ෂ)                       

හැටන් දික්ඔය දරවල ප්‍රදේශයේ යාච්ඥා මධ්‍යස්ථානයේ පැවැත් වූ යාඥාවන්ට සහභාගි වූ  වතුකම්කරුවන් 65 දෙනෙකු අද (01) සිට දින 14 ක  ස්වයං නිරෝධානයට යොමු කිරීමට බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කළහ.

බගවන්තලාව සහ නොර්වුඩ් පොලිස් වසම්වලට අයත් ඉන්ජස්ට්‍රි , බිලින්කිබොනි , පොඩයිස් , බටල්ගල, ඇන්ෆිල්ඩ් යන වතු වල පදිංචිකරුවන් මෙසේ ස්වයං නිරෝධානයට යොමු කෙරිණි.

නිරෝධනායට යොමු කළ පිරිස දික්ඔය දරවල ප්‍රදේශයේ පිහිටි යාඥා මධ්‍යස්ථානයේ පැවැත් වූ යාච්ඥා වලට අඛණ්ඩව සහභාගි වී ඇති බවත් ඉන් කිහිපදෙනෙකු යාපනයේදි පැවැත් වූ යාඥාවට ද සහභාගි වී ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසූහ.

 

 



අදහස් (6)

දේව යාච්ඥාවකට ගිය හැටන් වතු කම්කරුන් 65 ක් නිරෝධායනයට

jayath Wednesday, 01 April 2020 09:39 AM

මේ ලෙඩේ රෝග වාහකයෝ කොහෙන්හරි ආපු සංචාරකයන් සහ මෙන්න මේ ආගම් වල ඊනියා යාඥා කාරයින්...

:       0       1

Raveendra Wednesday, 01 April 2020 10:07 AM

තාම ඔය කියන දෙවගැතියව අල්ලගන්න බැරි වුනාද?

:       3       52

de silva Wednesday, 01 April 2020 10:29 AM

ස්විස්ටර්ලන්තයේ සිට යාපනයට පැමිණ තමන් අසදිතයෙක් බව දැනගත් වහාම , ලංකාවේ ප්‍රතිකාර නොගෙනම ස්විස්ටර්ලන්තයට පැනගත් පුජකයට විරුද්ධව ඔහු ඇතුව හෝ නැතුව ලංකාවේ නඩු පැවරිය යුතුය , ඔහුගේ නොමනා ක්‍රියාකලාපය නිසා පළාතකම සම්පුර්ණයෙන් වසා දමා ඇති අතර ජිවිත රැසක් අවධානමට ලක්වී ඇත.

:       0       18

lalithm Wednesday, 01 April 2020 10:45 AM

හැම තැනම ආගමික කටයුතු නිසා තමා වැඩිපුරම ලෙඩ පැතිරිලා තියෙන්නේ... දෙවියෝ සහ භූතයෝ ලංකාවට වින කරනවා නේද?

:       0       3

lalithm Wednesday, 01 April 2020 12:12 PM

දේවගැති වේශයෙන් ආපු භූතයෙක් බව පැහැදිලියි නේද? දෙවියෝ සහ භූතයෝ කියල පොතක් ඒබ්‍රහම් ටී කොවුර් ලියල තියෙනවා. මේ තමා නියම භූතයෝ.

:       0       1

අබිලින් Wednesday, 01 April 2020 01:39 PM

ගැතිවරයෝ තිදෙනෙකුම රෝගය ව්‍යාප්ත කිරීමට දායකවී ඇත. මොවුන් කාදිනල් තුමාගේ උපදෙස්වත් පිලි නොගන්නා මුග්ධයන් පිරිසක් බව පේනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 154 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 359 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site