ක්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයකු වන දිල්හාර ලොකුහෙට්ටිගේට චෝදනා එල්ල වී තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ඔහුට චෝදනා එල්ල කරනු ලැබ ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් සංගමයේ දූෂණ මර්ධන නීති මාලාව කඩ කිරීම සම්බන්ධයෙනි.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් සංගමයේ දූෂණ මර්ධන නීති මාලාවට අයත් වගන්ති තුනක් කඩකිරීම සම්බන්ධයෙන් දිල්හාර ලොකුහෙට්ටිගේට චෝදනා එල්ල වී තිබේ. පසුගිය වසරේ එමීර් රාජ්‍යන්හිදී පැවැති දහයයි-10 ක්‍රිකට් තරගාවලියේදී ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් මෙම චෝදනා එල්ල වී තිබේ.
වහාම ක්‍රියාත්මක වන පරිදි දිල්හාර ලොකුහෙට්ටිගේට තාවකාලික ක්‍රිකට් තහනමක් පනවා තිබේ.
මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා දිල්හාර ලොකුහෙට්ටිගේට දින 14 ක කාලයක් තිබේ. එතෙක් ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව කිසිවක් ප්‍රකාශ නොකරනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd