
(මනෝප්‍රිය ගුණසේකර)
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් විසින් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දිලීප පීරීස් මහතාගේ ජීවීතයට හානියක් කිරීමට සැළසුම් සකස් කරන බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඔහුගේ ජීවීත ආරක්‍ෂාව සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන ඇතැයි වාර්තාවේ.
මෙම ඝාතන සැළසුම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගේ නියෝග මත මෙම පියවර ගෙන ඇතැයි වාර්තාවේ. දිලීප පීරීස් මහතාගේ නිවසට මෙන්ම ඔහු ගමන් බිමන් යන අවස්ථාවලදී ආරක්‍ෂාව සඳහා මෙම විශේෂ පොලිස් කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන ඇතැයිද වාර්තාවේ.
ආන්දෝලනාත්මක නඩු ගණනාවක පැමිණීල්ල නීතීපතිවරයා නියෝජනය කරමින් මෙහෙයවනු ලැබු නීතීපති දෙපාර්තමෙන්තුවේ ජේ්‍යෂ්ඨතම නීතීඥවරුන්ගෙන් කෙනෙකු වන අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දිලීප පීරීස් මහතාට හානි කිරීම සඳහා ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් විසින් සැළසුම් සකස් කරන බවට පසුගිය සෙනසුරාදා (23) රාත්‍රීයේ පොලිස්පති බුද්ධි තොරතුරු ලැබී ඇතැයිද වාර්තාවේ.
ඒ අනුව දිලීප පීරීස් මහතාගේ ජීවීත ආරක්‍ෂාව සඳහා පොලිස් විශේෂ කාර්්‍ය බළකායේ ප්‍රභූ ආරක්‍ෂාව පිළිබඳ විශේෂ පුහුණුව ලැබු පොලිස් කණ්ඩායමක් ඊයේ (24) දිනයේ සිටම යෙදවීමට පියවර ගෙන ඇතැයිද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාලේ එවුනුත් දැන් ඇවිස්සලා තියෙන්නේ, පාතාලෙට අනුග්‍රහය දීලා තියෙන එවුන් කවුද කියලා දැන් නිසැකව පැහැදිලියි
බාම් බන්දුගෙ කට්ටියනේ ඩුබායිවල ඉන්නේ. බාම් බන්දු ඉතිං යාලුවනේ.
පාතලේ මෙහෙයවන දේශපාලුවෝ හෙල්ලිලා වගේ.
ඔහු නඩු පවරන්නේ අනුර පාලනය හැර අන් සියල්ලන්ටම පමණයි. ස්වාභාවිකයි.
හොරු පාතාලයෝ එකමිටට.
අයියෝ...අපි හිතන්.හිටියේ ඒවා මර්ධනය කරලා ගොඩක් කල් කියලා...තාම තියෙනවද...
මොන බොරුද පාතාලයෙන් නෙවෙයි. මේ තර්ජන ළඟදි ඇතුලට යන්න ඉන්න කට්ටියගෙ වැඩක්.
නීතිපති කමට කෙල හලන අය ට රනිල් හිරේ දැම්ම ගමන් ඩුබායි මරණ තර්ජන ලු... ඔවා හොදියි කොණ්ඩේ බැදපු චීන්නුන්ට
දැන් තේරෙනව නේද පාතාලෙ කාගෙද කියලා...
හොඳයි
රට කාලා හපයක් කෙරුව ඔය කියපු ජනාධිපතිවරුන් කියා ගන්නා පල් හොරුන්ගේ ආරක්ෂාව ඉවත් කර දිලීප පිරිස් මහතාට ඉහළම ආරක්ෂාවක් ලබා දිය යුතු අතර, ඔහුට තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළයුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබා දිය යුතුව ඇත. ඒ බැරිවෙලාවත් ඔහුව ඝාතනය කරන්න රටේ අපරාධ කල්ලි හා ඔවුන් මෙහෙයවන දේශපාලුවන්ට හැකි වුනොත් ඉදිරියට මෙවැනි කැපවීමෙන් හා වගකීමෙන් කටයුතු කරන්න නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බිය වනු ඇත...
දැන් පැහැදිලිනේ ? රටේ පාතාල අපරාද කරයෝන්ව හසුරුවන්නේ මැදමුලනින් කියල , වර්තමානයේ රටේ ඇතිවෙලා තිබෙන අපරාද රැල්ල පිටිපස්සේ ඉන්නෙත් කවුද කියල හිතාගන්න් පුළුවන්
ආණ්ඩුව තරම් පාතාලයො මෝඩයි කියලා හිතන්න අමාරුයි. දිලීපව ඉවත්කරලා නඩු කැන්සල් කරගන්න බැරි බව ඔවුන් දන්නවා.මේ හදන්නේ ආණ්ඩුවට කඩේ යන කෙනෙක්ව පුම්බලා සංදර්ශනයක් දාන්න.
ඊලඟට අපි කියන්න හිතාගෙන ඉන්නේ ඩුබායි පාතාලයේ ගෝඩ්ෆාදර් රනිල් කියලා. අපේ ඩෝබිල ඒකත් විශ්වාස කරයි.
හෙන බොරුවක්.මේකත් පාතාල ක්‍රියාකාරකම් විපක්ෂෙ පැත්තට බැර කරන්න ආණ්ඩුව ගොතපු කෙබරයක්.නැත්නම් පහුගිය සෙනසුරාදාම මෙහෙම වාර්තාවක් එන්න විදිහක් නැහැනෙ.මොකද සිකුරාදා රනිල්ගෙ නඩුවට විතරක් නෙමෙයිනෙ මෙයා පෙනී හිටියෙ.
ඉතා හොඳයි....පාතාල මර්දනයට සරත් ෆොන්සේකා සම්බන්ධ කරගන්න… රාජපක්ෂලාගේ තුරුලේ නැළවෙන සියල්ලන් විනාශ කරනු ඇත
අපේ පැරණි දේශපාලනයට කෙලින්ම පාතාලය සම්බන්ද බවට උදාහරනයක්.
අකුණු සන්නායකයකුත් ඔළුව උඩ හයි කර ගත්තා නම් හරි.
තිර පිටපත ලියා දුන්නාම එයට අනුව රගපාන නලුවන්ට මොන ආරක්ෂාවද?
කමෙන්ට් බලද්දී තේරෙන්නේ හාම්පුතාලාත්, වහල් ජනතාවත් ඔක්කොම කලබල වෙලා කියලා. නීතිය කියන්නේ නයාට අඳු කොළ වගේ. ජරා වලේ ලැගලා මඩ ගාගත්තා නම් ජීවත් වෙන්න බෑ . මේවගේ නිලධාරින් රකින්න උපරිම පියවර ගන්න ඕනි.
අතේ පත්තුවෙන බොරු නම් පිලිගන්න බෑ. ඒකෙන් වෙන්නේ තවත් පචවෙන එකයි. නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්නෙ මෙයා විතරද?
මේකට නාමල්ව පටලවාගෙන ක්‍රමයක් නැද්ද ? කල්පනා කරල බලන්න ඕන
සුදාගෙන් ගලවපු පොලිස් ආරක්ෂාව මෙයාට දුන්නේ එයත් ගොට්ටෙක්ද? බිග් කුච්චන්.
නීතිපති කාර්යාලයට ගියොත්, පීරිස් ඉතා කනිෂ්ඨ නිලධාරියක් නමුත් රෙජීමයේ කීකරු සේවකයෙක්. ඒක තමයි ඇත්ත.
අපි කිව්වනෙ රනිල් මහත්තයාට ජාත්‍යන්තර සම්බන්ධතා හෝ ගාලා තියෙනවා කියලා..