
යුක්රේනය යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමග යුද්ධයට යෑමට පෙර ඉතා හැඟුම්බරව පියවරුන් තම දරුවන්ට සමු දෙන දර්ශන අන්තර් ජාලයේ හුවමාරු වෙයි. එය දකින කා හටත් ඉතා හැඟීම්බර අවස්ථාවකි.
යුක්රේනයේ ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඉකුත් බ්‍රහස්පතින් දා හමුදා නිතිය ප්‍රකාශයට පත් කළේය. එම නීතියට අනුව වයස අවුරුදු 18 ත් 60 ත් අතර පිරිමින්ට රට හැර යාම තහනම් බව යුක්රේන රාජ්‍ය දේශසීමා ආරක්ෂක සේවය නිවේදනය කර ඇත.
මේ හේතුවෙන් යුක්රේනයේ පිරිමින් තම බිරිඳ සහ දරුවන් පමණක් ආරක්ෂිත ස්ථානවලට පිටත් කර හරින ලදි. ඔවුන් තම පවුලෙන් වෙන් වන මොහොත ඉතාමත් හැඟීම් බර අවස්ථා අන්තර්ජාලයට මුදා හැර ඇත.
"මෙම රෙගුලාසිය හමුදා නීතිය පවත්නා තෙක් ක්‍රියාත්මක වන අතර ජනාධිපති සෙලෙන්ස්කි හමුදා නීතිය අවසන් බව ප්‍රකාශ කළ වහාම අවසන් වන බව" රාජ්‍ය දේශසීමා ආරක්ෂක සේවය නිවේදනය කර ඇත .
යුද නීතිය යටතේ, නීතිය ක්‍රියාත්මක කිරීම භාරවන්නේ හමුදා නිලධාරීන්ට වේ.මෙසේ තම දරුවන්ගෙන් වෙන් වෙන පියවරුන්ගේ හැගීම් බර දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන අතර ඒ පිළිබඳ කාගේත් අවධානය මේ වන විට යොමු වී ඇත
(034)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාස්‍ය නාට්‍යයක රඟපෑම නිසා ජනප්‍රියත්වයට පත්වීමේන් එම නාට්‍යයේම නමින් පක්ෂයක් ආරම්භ කර, විශාල ජනප්රසාදයකින් බලයට පත් වූ සෙලෙන්ස්කි, එම නාට්‍යයටම සම්බන්ධ වූ පිරිස් තම පාලනයේ ඉහළ තනතුරුවලට පත්කර ගත්තේය.. රාජ්‍ය පාලනය ගැන කිසිඳු අත්දැකීමක් නැති ඔහු, ජනප්‍රිය මාතෘකා ඔස්සේ පාලන තන්ත්රය ඉදිරියට ගෙනගිය අතර සමාජ මාධ්‍ය වල වීරයෙක් විය.. අවසානයේ දී තම යාබද මහා බලවතාගේ ජාතික අභිලාෂයන් ප්‍රසිද්ධියේ විහිලුවට ලක්කරමින් සහ බටහිර බලවතුන් ඉස්මුදුනින් තියාගෙන, කටයුතු කිරීම නිසා, තවදුරටත් යුක්රේන පාලන තන්ත්රයේ ක්‍රියාමාර්ග හමුවේ රුසියානු ආරක්ෂාව අවදානමට ලක් කරගැනීමට නොහැකි තැන පහර දීම තෝරා ගැනීමට පුටින් ජනපතිවරයාට සිදුවීම ස්වභාවිකය. දේශප්‍රේමය ඉදිරියට දමා යුක්රේනය රැකගැනීමට මුලු මහත් අහිංසක යුක්රේන ජනතාවම ජීවිත අවදානමකට ලක්කර ඇති යුක්රේන ජනපතිවරයා ඇතුලු පාලන තන්ත්රය, මියයන සියලුම යුක්රේන ජාතිකයකුගේම මරණයට වගකිව යුතු බව සහතිකය..
සහතික ඇත්ත රංග අපේ බසින් කියනවා නම් මිනිහ ඉල්ලාගෙනයි කන්නේ... කෝ දැන් මිනිහාව මුරුංග ඇත්තේ තියපු ඇමෙරිකාව ඇතුළු බටහිර පොරවල්..? එකෙක් බේතකට හොයාගන්න නැහැ. මේ අහිංසක දරුවන් නම් ඉතින් අපරාදේ...
අපේ කොල්ලෝ යුද්දෙට ගියේ අඬලා නොවෙයි. දෙන්නම් සබ්බුව කියලා. අනික් පැත්තේ යුද්ධ කරන්න පුළුවන් දෙමල්ලු රටින් පැන්න අහිංසක ළමයි බිල්ලට දීලා.
යුරෝපයේ වර්ණභේදය තමයි හැමදාම තියෙන්නේ..., වර්ණ භේදය නිසා 2021 ලන්ඩන්වල පමණක් ඇසිය යුතු ආසියානු ජාතික දරුවෝ 28ක් මැරුවේ... ඒ අතරේ අපේ දරුවෙකුත් ඉන්නවා පිහියෙන් ඇනලා මරපු...!
මැද පෙරදිග වුන් තමයි හැමදාමත් ලංකාව රැකගනිමින් හිටියේ...