IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දරුවන් දස දහසකට කැපකරු මව්පියෝ

(සුජිත් හේවාජුලිගේ )

මන්දපෝෂණයෙන් පෙළෙන වයස පහට  අඩු දරුවන් 10,000කගේ  පෝෂණ අවශ්යැතා සපුරාලීම සඳහා විවිධ ආයතන සහ පුද්ගලයන්  කැපකරු මවුපියන්  ලෙස ඉදිරිපත්ව සිටින බව සෞඛ්ය‍ අමාත්ය  කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

මන්දපෝෂණයෙන් පෙළෙන  දරුවන් තවත් 11,000කට  කැපකරු මවුපියන් සොයා දීම සඳහා  තමා පෞද්ගලිකවම  මැදිහත්වී කටයුතු කරමින් සිටින  බවද  හෙතෙම සඳහන් කළේය.

මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ කැපකරු මවුපියන් ලෙස කටයුතු කිරීමට දිවයිනේ නමගිය සමාගම් ගණනාවක් ඉදිරිපත් ව ඇතැයි පැවසූ අමාත්යයවරයා ජෝන් කීල්ස් ආයතනය දරුවන් 3000කට
දායකත්වය දක්වන බවද සඳහන් කළේය.

මෙයට අමතරව ශ්රැං ගිලා ආයතනය දරුවන් 1000 කට අනුග්ර හය දක්වන බවත්  මේ සඳහා ඉදිරිපත් වූ සියළුම සමාගම් සහ පුද්ගලයන්ට තමා  ස්තූතිවන්ත වන බවත්   කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීවේය.

මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සිටින පවුල්වලට මාසයකට රුපියල් දාහතර දාහක මුදලක් මෙම වැඩපිළිවෙල යටතේ පිරිනැමෙන බව පැවසූ අමාත්යසවරයා විදේශයන්හි සිටින ධනපතියන්ටද  මේ වැඩපිළිවෙළ සඳහා දායකත්වය දැක්විය හැකි බව ප්රාකාශ කළේය.


 



අදහස් (12)

දරුවන් දස දහසකට කැපකරු මව්පියෝ

Sanath Kandy Monday, 13 February 2023 12:23 PM

රෝහල්වල බෙහෙත් නෑ. සායනවලින් බෙහෙත්ටික ගන්න අසරණ වැඩිහිටියන් ගේ ජීවිත අනතුරේ. ටික දවසකින් සියළුම සැත්කම් නවතීවි. මේ ඇමතිහොරු කොමිස් කුට්ටිය බලාගෙන ඉන්නවා. බෙහෙත්ටික වෙලාවට ගෙන්නන්නේ නෑ.

:       0       15

sharm warn Monday, 13 February 2023 12:27 PM

පුද්ගලිකව මැදිහත් වෙන්න මෙයා සමාජ සේවා අමතිද ?ඉස්පිරිතාලයට බෙහෙත් ටික අරන් දීපන්.බල්ලාගේ වැඩේ කරලා බූරුවෙක් බව ඔප්පු කරන්නේ නැතුව (වැඩේ හොඳයි ..මේකත් චන්දෙ ඉවර වෙනකල් විතරද දන්නේ නෑ )

:       0       16

sena Monday, 13 February 2023 12:29 PM

නෙදකින් කාලකන්නි ,රට විනාශ කරලා දැන් හිඟා කන එක නම්බුවක් කරගෙන

:       0       12

Nihal Monday, 13 February 2023 12:31 PM

කැප කරු මවුපියන් වශයෙන් ඉදිරිපත්වීම ඉතා අගය කරන අතර, මෙවැනි ළමුන් මන්දපෝෂණයෙන් පෙලීම සබැදිව සෞඛ්‍ය අමාත්‍ය වරයා ලැජ්ජා විය යුතුය.

:       0       19

Kule Monday, 13 February 2023 12:34 PM

තරු පහේ ජීවිත ගත කරන ඔබලාගේ ,කැපකරුවන් රජයට බදුගෙවන ජනතාවයි

:       0       10

ranjith Monday, 13 February 2023 12:39 PM

මන්දපෝෂණයක් නැහැ කියලානේ කිවුවේ .රැවුල දික්කරගෙන හිටියට මුන්ට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ වගේ

:       0       11

ranjith Monday, 13 February 2023 02:41 PM

සෞඛ්‍ය ඇමැතිකමට අඩුම ගානේ සාමාන්‍ය පෙළ සෞඛ්‍ය විෂයට සම්මානයක් වත් තියෙන කෙනෙක් හොයාගන්න බැරිද? මොකද මන්ද පෝෂණය කියන දේ නිර්ණායකවත් දැනගන්න එපෑයෑ. නොතේරෙන කමට මන්ද පෝෂණයක් නැහැ කියලා. ඒ ගැන කියන දොස්තර මහත්වරුන්ගේ වැඩ තහනම් කරන රටක්...

:       0       5

Hafeel Monday, 13 February 2023 04:16 PM

ඒ වුණාට අපේ සෞඛ්‍ය ඇමැතිට වහලෙන් පනින්න නම් දන්නවා. ඕස්ට්‍රේලියාවට ගිහින් වහලෙන් පැනලා ලංකාවේ මහජන මුදලින් කෝටි අටක් දිනාගත්තා... ඔහුගේ පුතාට පියාසර කරන ගුවන් යානා ජනේලයෙන් මුත්‍රාකරන්නත් දන්නවා. රටට වටිනා තාත්තයි පුතයි...

:       0       2

ගමේ එකාලා Monday, 13 February 2023 04:06 PM

මොකට සෞඛ්‍ය ඇමැති කෙරුවද මන්දා? බල්ලාගේ වැඩේ බූරුවා කරන්න හදනවා.

:       0       0

fairoos Monday, 13 February 2023 05:44 PM

මේ කාලකණ්ණි රට දාලා දැන් එනවා මෙතන විසඳුම් දෙන්න. තොලොංචිවෙලාම යන්න.

:       0       0

siri Monday, 13 February 2023 05:59 PM

එක ඇමැතියෙක්ගේවත්, නායකයෙක්ගේවත් හොඳක් කියලා කියන්න දෙයක් නැති හැටි. මේ අය ජනතාවට බොරු පොරොන්දු දීලා ඇවිත් සැප විඳිනවා...

:       0       0

Perera Tuesday, 14 February 2023 02:04 AM

මෙයා මහ උජාරුවට කිව්වෙ රටෙ ඔන තරම් බෙහෙත් තියෙනව, මන්දපෝෂනය ඉතා සුලුවෙන් තියෙන්නෙ කියල, දැන් මොනවද මෙ කියවන්නෙ??? ඉදගෙනද හිටගෙනද ඉන්නෙ කියල දන්නෙ නැති මෙහෙම අපත ඇමතිලගෙන් රටට ඇති පලේ මොකක්?????

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 328 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site