(එච්. චන්දන)
පුත්තලම සාලියවැව නීලබැම්ම ඕලුමඩුවේ අතුරුදන් වූ දැරියගේ මව ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ලහිරු එස්.සිල්වා මහාතා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකළේ මිය ගිය දැරියගේ මව වන එච්.එම්. නයනා කුමාරි නැමැති 21 හැවිරිදි කාන්තාවක්ය.
සිද්ධිය සම්බන්ධව සාලියවැව පොලිසිය මගින් ඉකුත් 04 බි වාර්තාවක් පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරමින් කියා සිටයේ සාලියවැව පොලිස් ස්ථානයේ මෙම දැරිය අතුරුදහන්වීම පිළිබඳව තවමත් පරීක්ෂණ සිදු කරන බවත් තවත් පැය 24ක් රඳවා තබාගෙන පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය බවයි.
රැඳවුම් නියෝග මත සිටි සැකකාරිය පුත්තලම අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පුත්තලම අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම නියෝගය කළේය.
නීලබැම්ම ඕලු මඩුවේ පදිංචිව සිටි සිව් හැවිරිදි දැරියක වන ඩබ්ලිව්.ජී.තෙනුරි තිසාරා දැරිය ඉකුත් 30 දින උදෑසන සිය මව සමඟ නිවසේ සිටිය දී අභිරහස් ලෙස අතුරුදන් වී ඇති බවට ලද පැමිණිල්ලකට අනුව දැරිය සොයා මෙහෙයුමක් ආරම්භ කළ බව සාලිය වැව පොලිසිය පවසයි.
දැරිය පදිංචිව සිටි නිවස ආසන්නයෙන් ඇති කලා ඔය ප්‍රදේශයේ නාවික හමුදා කිමිදුම්කරුවන් , පොලිස් කිමිදුම්කරුවන් යොදා සොයා බැලූ අතර 05 වනදා වන විටත් දැරිය සොයා ගැනීමට නොහැකි වී තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ දැරිය ඝාතනය කරන්න හේතුවක් දැනගන්න ලැබුනේ නැද්ද? එම ඝාතනය සිදුකල තැනැත්තියගේ මානසික තත්වය ගැන සොයා බැලීමෙන් අනාගතයේ මෙවැනි ක්‍රියා සිදුවීමට පෙර මෙවැනි අයට පිහිටවිය හැක.
මවගේ වයස 21යි. දැරියට අවුරුදු 4යි. වයස 17න් තමා ඇය මවක් වෙලා තියෙන්නේ. ඇයට යොවුන් විය සැහැල්ලුවෙන් ගත කරන්න ඉඩක් ලැබිලා නෑ නේද? ඉතින් අයගේ මානසික තත්වය පිරිහීම ගැන හිතාගන්න පුළුවන්. අපේ රටේ ග්‍රාමීය ප්‍රදේශ වල අඩු වයස් මව්වරුන් විශාල ප්‍රමාණයක් සිටිනවා. මෙය මහා ඛේදවාචකයක්. එත් බලධාරීන් නිහඩයි.
මෙවන් අයගේ මානසික තත්වය සොයාබැලීම වටිනවා, එත් අනියම් සම්බද නිසා තමන්ගේ කාම ආශාව ඉෂ්ටකරගන්න මේ වගේ පහත් වැඩකරන අයත් ඉන්න නිසා වරදකරුවන් බව ඔප්පු උනොත් අනිවාර්යෙන්ම එල්ලා මරන්නම වෙනවා, අවට අනෙක් අයටත් පාඩමක් වේවි.