(නාලක සංජීව දහනායක)
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ මහ මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක හා එම පක්‍ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන මහත්වරුන් බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ මූලස්ථානයේදී අද (18) නාම යෝජනා පත්‍රයට අත්සන් කළහ.
ශ්‍රී ලංකා නිදහස් පොදුජන නිදහස් සන්ධානයේ නාමයෝජනා පත්‍ර සකස් කිරීමේදී කොළඹ, අනුරාධපුර, කුරුණෑගල, ගම්පහ ඇතුළු බොහෝ දිස්ත්‍රික්කවලින් අවම අවස්ථාවන් ලබාදීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නාමයෝජනා පත්‍ර අත්සන් කිරීම වර්ජනය කළහ.
මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහත්වරුන් ඊයේ (17) සාකච්ඡා කර ඉහත දිස්ත්‍රික්කවලට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තවත් අපේක්‍ෂකයකුට අවස්ථාව ලබාදීමට තීරණය කෙරිණ.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජන කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා දුමින්ද දිසානායක හා වීරකුමාර දිසානායක මහත්වරුන්ට අමතරව හිටපු අමාත්‍යවරයකු වූ තිස්ස කරලියද්ද මහත්වරුන් ඊයේ දිනයේදී නාමයෝජනා පත්‍රවලට අත්සන් කළහ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතාද ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා පත්‍රයට ඊයේ අත්සන් කළ අතර අනෙක් අපේක්‍ෂකයා අද පෙරවරුවේදී අත්සන් කරන බවද කීය.
කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල හා ශ්‍රී ජයවර්ධනපුර මහ නගර සභවේ හිටපු නගරාධිපතිවරයකු වූ ජනක රණවක මහත්වරුන් ඊයේ (17) නාමයෝජනා පත්‍රවලට අත්සන් කර තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි මුන්නැහේලා කරගනිපු විනාශය, ලිස්ට් වල අන්තිමට එන එක ශුවර්...
අයියෝ, මුන්දැලාට මෙදාපාර ඇපත් නෑ..
සිරිසේනට ගැවුන කෙනෙකුට ඡන්දෙ දෙන්න එපා. මේ උකුස්සෝ .
පුදුම මිනිස්සු. බල තන්හාව මුළු ශරිරේම පිරිලා. වෙන පළාත් වලින් අත ලකුණෙන් අපේක්ෂයන්ව ඉදිරිපත් කරලා පක්‍ෂයේ තනතුරු දරන මේ කට්ටිය විතරක් පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙනවා. පොහොට්ටුවත් ඒ අයව ඉදිරිපත් කරනවා. මහා ලොකු නායකයෝ නම් මෙයාලටත් පුළුවන් නේ අත ලකුනෙන්ම ඉදිරිපත් වෙන්න.
පක්‍ෂය පාවාදුන් සෙට් එක...