(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීක වීරරත්න)
පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට ජල පොකුණ ශුද්ධ කර එම ජලය දියවන්නා ඔයට දැමීම නිසා එහි යම් දූෂණයක් වී ඇති බවත් මෙය සේවක පිරිසක් ඔළුව කල්පනා නොකර කළ වැඩක් බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය.
දියවන්නා ඔයට එකතුවී ඇති මෙම අපද්‍රව්‍ය පහත්බිම් සංවර්ධන මණ්ඩලයට නොපමාව දැනුම්දී ඉවත් කිරීමට පියවර ගන්නා බව ද කතානායකවරයා ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුර දෙමින් කතානායක වරයා මේ බව කීය. යම් කොළ පැහැති ද්‍රව්‍යයක් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය දෙපස දියවන්නා ඔය ප්‍රදේශයට එකතු වීම නිසා එහි ජලය ප්‍රදේශය බෙහෙවින් අපවිත්‍ර වී ඇතැයි විපක්ෂනායකයා චෝදනා කළේය.
කතානායක : මම ඒක පිළිගන්නවා ඒක කල්පනා නොකර කරපු වැඩක් දැන් එය සිදුවෙලා ඉවරයි පහත් බිම් එකට දැනුම් දී ශුද්ධ කිරීමට කටයුතු කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන තියෙන හරක් ගාලෙන් දාපු ගොම වෙන්න ඇති. ඕකේ ඉන්න 225ට ඔලුව කල්පනා කරලා රට ගොඩගන්න බැරිකොට වැඩ කරන මිනිස්සු මේ වගේ වැඩ කරන එක අහන්නත් දෙයක්ද? අඩු තරමේ කතානායක ඔලුව පාවිච්චි කරලා... වැඩ කරනවද?
225වේම අසූචි කන්දරාව..
ඕක කළේ ජේ.ආර්...
දියවන්නා ඔය විතරක් නොවේ.. මුලු රටම අපවිත්‍ර වෙලා තියෙන්නේ දැන්...
දියවන්නාවේ ඉන්න අයට කොහෙන්ද ඔලුවක්..? මොලේ තියෙන්නේ දූෂිත වැඩවලට මිස වෙන අහවල් දේකටද?
විශේෂයෙන් ඔබ වැනි අය නිසා...
දියවන්නාවේ ඔය ශාපලත් භූත මාලිගාවේ ලැගගෙන, මුළු රටේම මිනිසුන්ගේ රීරි මාංශ උරා බොන, මුළු රටම විනාශ කරන කාලකන්නි "දේශපාලුවන් " නමැති පරපෝෂිතයින් නිසා මේ ජලාශයම අපවිත්‍ර වී ඇත. ජලාශය පිරිසිදු කිරීමෙන් සිදුවන්නේ කාලය නාස්ති කිරීමක් පමණයි. මුලින්ම ඔය හොල්මන් මාලිගාවේ එල්ලී සිටින පරපෝෂිතයින් විනාශ කළයුතුයි. එසේ කිරීමට අපහසු නම් ඔය ශාපලත් භූත මාලිගාවත් සමගම ඔය පරපෝෂිතයින් ගිනිබත් කළ යුතුයි.
අදාළ නොවුණත් මසුරන් කියමනක් නිසා මතක් කරනවා" ආදිවාසී නායක වන්නියැලගේ ඇත්තෝ කියලා තියෙනවා "හේනේ පඹයෙක් හිටවලා වල් ඌරන්ට බැනලා වැඩක් නෑ" කියලා. පඹයින් 225ක් කියලා කීවත් වරදක් නෑ මගේ හිතේ.
ඔය පැත්තම ගඳ ගස්සන ප්‍රධානම අය ඔය අයම තමයි.
ඕකේ අලුතෙන් දූෂණය වෙන දෙයක් තිබුණේ නෑ...
දියවන්නාවේ ඉන්න දූෂිතයන් කන ජරාව, බොන දේවල් හැටියට මල මුත්‍රා ගිහින් ඔය අපවිත්‍ර වෙන එක අමුතුවෙන් කියන්න ඕනේද?
ඕකේ ඉන්න එවුන් කාලා තියෙන ජරාවේ හැටියට ඕක පුදුම වෙන්න දෙයක් නැහැ.