
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ඵෙතිහාසික දඹදෙණිය පුරාවිද්‍යා වැඩබිම් කාර්යාලය පිහිටා ඇති භූමි ප්‍රදේශයේ නව කැණීම් කටයුතු ජාතික උරුම ප්රසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරිණි .
131 වැනි ජාතික පුරාවිද්‍යා දිනයට සමගාමීව මෙම කැනීම් කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනුුලැබීය.
ලංකාවේ පැරණි නගරවල භාවිතා වූ වළං කටුවල හැඩය හඳුනාගනිමින් කාල නිර්ණය කිරීම හා ඒ ඔස්සේ පර්යේෂණ කටයුතු සිදු කිරීමේ අරමුණින් මෙම කැණීම් සිදු කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධාන පර්යේෂක ආචාර්ය ප්‍රියන්ත ජයසිංහ මහතා සඳහන් කලේය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශය සහ පර්යේෂණ අංශය ඒකාබද්ධ වී මෙම කැණීම් කටයුතු සිදු කරන අතර දිවයින පුරාම නගර ආශ්‍රිතව මෙවැනි පර්යේෂණ හා කැණීම් සිදු කිරීමට කටයුතු කරන බවද මෙහිදී අනාවරණය විය .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරාවිද්‍යා මහාචාර්යවරු, පුරාවිද්‍යා ආචාර්ය උපාධි හිමි පර්යේෂකවරුන් අතර අතර අඩුම සුදුසුකම් හිමි පුද්ගලයා කවුද?
හෙයලා බලනන අපේ මතුන් මිත්තෝ කොම්පොස්ට් පොහොර හදන්න දැනගෙන හිටියද කියල
එහෙනම් රාජපක්ෂ පවුලේ කෙනෙක්... ඕක දැක්කොත් ඕකත් චීනෙට දීලා කොමිස් ගනීවි...
දඹදෙණියේ, මිහින්තලයේ සිංහලුන් නැහැ. බොහෝමයක් ඉන්නේ කාලිංග මාඝ... සොළී යුගයේ මෙහි පැළපදියම් වුණු ආක්රමණිකයින් ඔවුන් මේ පුරාවිද්‍යා බිම ආක්‍රමණය කරලා ඒවා මත කර්මාන්ත ශාලා ඉදිකර ඇත. මිහින්තලා කඳු පාමුල අන්‍යාගමික පල්ලියක්ද ඉදිකර ඇත. මේවා සුද්දන්ගේ පාලනයේදී වත් නොකළ දේවල්...
දඹදෙණිය විදුහල් භූමියෙන් හමුවූ උතුරු කොටස නොතිබුණු දඹ රන් ලංකා සිතියම ඒ යුගයේ 1990 හිටපු ආර්යාවක් ප්රවේශසමට තියාගත්තා කියලයි ආරංචිය... ඒකට මොකද වුණේ හොයලා බැලුවොත් හොඳයි රටේ සම්පතක් නිසා...