
(යොහාන් භාසුර)
දුම්වැටි සඳහා මිල සූත්‍රයක් සකස් කර තිබෙන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පැවසීය.
එම මිල සූත්‍රය සෞඛ්‍ය අමාත්‍යවරයාට ඉදිරිපත් කර සාකච්ජා කර දුම්වැටි බදු වැඩි කිරීමට ඉදිරි අයවැයට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බව කී ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පසුගිය කාලය තුළ දුම්වැටියේ මිල වැඩි වුවත් අපේක්ෂිත ආදායම නොලැබීම හේතුවෙන් මිල සූත්‍රයක් හඳුන්වා දුන් බව සඳහන් කළේය.
මිල සූත්‍රයට අනුව දුම්වැටියක මිල ලබන වසරේදී වැඩි කර ගැනීමට හැකි වුවහොත් 2022 සිට 2026 දක්වා කාලය තුළ රුපියල් බිලියන 125ක පමණ සෘජු ආදයමක් රජයට ලැබෙන බවත් මිල සූත්‍රයට අනුව දුම්වැටියක මිල සියයට 6 කින් සෑම වසරකම වැඩි වන බවත් ශ්‍රී ලංකාව තුළ දුම්වැටි අළෙවි ප්‍රමාණය අඛණ්ඩව අඩුවීම සෞඛ්‍යමය පැත්තෙන් ඉතාම වටිනා තත්වයක් බවත් ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා කීය.
දුම්පාන හේතුවෙන් දිනකට පුද්ගලයන් 60 ක් පමණ මියයන බව කී සමාධි රාජපක්ෂ මහතා පැවසුවේ දුම්වැටි නිසා ඇතිවන රෝගාබාධවලට ප්‍රතිකාර කිරීමට ලැබෙන ආදායමට වැඩා තුන් හතර ගුණයක් වැය වන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක එක සූත්‍ර දාලා මිනිස්සුන්ව ගොනාට අන්දවන්නේ නැතිව දුම්වැටි එකපාර තහනම් කරලා දැම්මා නම් කතාව ඉවරයිනේ. ලෝකයේ අනිත් රටවල්වල සෞඛ්යාරක්ෂිත, ගුණාත්මක, විවිධ රසයෙන් යුත් දුම්වැටි නිපදවා ඒ රටවල ජනතාවට ලබාදෙද්දී අපේ රටේ මේ ආචාර්ය, මහාචාර්යවරු එකකට මුල්තැන දීලා කොමිස් කකා ඉන්නවා.
කුරුඳු සිගරැට් එකට මොකද වුනේ
බාර් වගේ දුම්වැටිත් අත්‍යාවශ්‍ය දෙයක්ද? හැබැයි කියන්නේ නම් 74%ක් බෞද්ධයෝ ඉන්න බෞද්ධ රටක් කියලා... මත්ද්‍රව්‍යවලින් ආණ්ඩුව දුවන්නේ...
ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න කලින්ම මේ දෙන ප්රචාරක සංදර්ශනය නිසා කර්මාන්තය නිසි ක්‍රියාමාර්ග දැනටමත් ගන්නට ඇති. ඒ අදාල පුද්ගලයින්ගේ සාක්කු පුරවා වැඩේ නොසිදුවීමට කටයුතු සැලැස්වීමයි...