
( ටී.කේ.ජී.කපිල )
රුපියල් එක් කෝටි දහතුන් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත '' ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද(29) ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මින් එක් අයෙකු කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු අද දින අලුයම 03.00 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 232 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එසේම අනෙක් පුද්ගයා කොළඹ , කොටහේන ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු අද දින අලුයම 03.00 ට ඩුබායි සිට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.9.- 587 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත '' ප්ලැටිනම් සෙවන් " වර්ගයේ දුම්වැටි 75,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 378 ක් සගවා ගෙන තිබියදී මෙසේ අත් අඩංගුවට ගෙන තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd