
(යොහාන් භාසුර)
දුම්රිය පීලි පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ හෙට (21) පෙරවරුවේ දුම්රිය ගමන් වාර 4 ක අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
අයහපත් කාලගුණයෙන් නැතිවූ ආපදාවන් හේතුවෙන් අද (20) දුම්රිය ගමන් වාර 18 ක් අවලංගු වූ අතර හෙට පෙරවරුවේ මහනුවර හා මාතලේ සිට කොළඹ කොටුව හා මාතර බලා ධාවනය වන දුම්රිය 4 ක් අවලංගු කළ බවත් එම නිලධාරියා කීය.
ඒ අනුව මහනුවර සිට කොළඹ කොටුව දක්වා පෙරවරු 4.30 ට, මාතලේ සිට කොළඹ කොටුව දක්වා පෙරවරුව 4.50 ට, ආරම්භ වන, මහනුවර සිට මාතර දක්වා පෙරවරුව 5.00ට සහ මහනුවර සිට කොළඹ කොටුව දක්වා පෙරවරුව 6.15 ට ආරම්භ වන දුම්රිය මේ වන විටත් අවලංගු කර ඇති බව ද එම නිලධාරියා සඳහන් කළේය.
පවතින අයහපත් කාලගුණික තත්වය මත පස්කඳු දුම්රිය මාර්ගයට කඩා වැටීම නිසා සහ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පිලී පැනීම නිසා උඩරට මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා මතුව ඇති බවත් බලන හා ඉහළ කෝට්ටේ අතර පස් කඳු කඩා වැටීම හා දුම්රිය මාර්ගයට ආසන්නව ස්ථාන දෙකක මාර්ගය නාය ගොස් ඇති බවත් එම නිලධාරියා කීය.
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දුම්රිය රැසක් හෙටත් අවලංගුයි
ගුණරත්න Tuesday, 21 October 2025 01:42 PM
ආණ්ඩුව මහජනයාගෙන් බදු මුදල් වාර්තා පිහිටුවමින් එක්රැස් කරගෙන තිබෙනවා, ඔය මුදල් නිකම් නාස්තිකාර අන්දමින් වියදම් කරනවා වෙනුවට යටිතල පහසුකම් වැඩි දියුණු කරන්න යොදවනවා නම් හොඳයි. මොකද දවස ගානේ පීලි පනින දුම්රිය නිසා දහස් ගණන් මිනිසුන්ගේ වටිනා කාලය අපතේ යනවා, අවස්ථා මග හැරෙනවා. ඉතින් පාර හොඳට හදන්න, ඊට පසුව දුම්රිය හදන්න පුළුවන්