වර්තමාන අවශ්‍යතාවන් සඳහා මගී දුම්රිය මැදිරි දේශීය නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව, පෞද්ගලික අංශයේ සහභාගීත්වය ඇතිව දුම්රිය මැදිරි 100ක් නිෂ්පාදනය කිරීම සඳහා රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින් ආයෝජකයකු තෝරාගැනීමට නියමිතය.
මේ වනවිට මගී දුම්රිය මැදිරි 700ක් පමණ දුම්රිය සේවයට අවශ්‍යව පවතින අතර, ඉදිරියේදී එම අවශ්‍යතාව 800 දක්වා වැඩි වනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත.
දැනට පවතින දුම්රිය මැදිරිවලින් 30%ක් වසර 30ක්ද, 60%ක් වසර 25-30ත් අතර කාලයක් ද, පැරණි ඒවා වන අතර, 10%ක ප්‍රමාණයක් වසර 12ක් හෝ ඊට අඩු කාලයක් තුළ සේවයේ යොදවා ඇත. ඉදිරියේදී ඉන්දියාවෙන් ලැබීමට නියමිත මැදිරි 160 සහ අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය මගින් ලබාගැනීමට නියමිත මැදිරි 140 මගින් මුළු මැදිරි අවශ්‍යතාවෙන් 42%ක් පමණක් සැපිරෙයි.
මෙම කරුණු සලකා බලා ඊට පිළියමක් වශයෙන් දුම්රිය මැදිරි දේශීයව නිපදවීම පිළිබඳව ප්‍රවාහන අමාත්‍යවරයා ඉදිරිපත් කල යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශවලට ණය වී අධිවේගී මාර්ග ඉදිකිරීමට වඩා ඉතා ඵලදායී යෝජනාවක්...
මෙවන් තීරණ ගත යුතුව තිබුනේ මීට දශක කීපයකට පෙරයි. පමාවී හෝ මෙම තීරණ ගැනීම අප අගයන්නෙමු. 225 තමන්ගේ සුඛවිහරණය වෙනුවෙන් නම් කිසිඳු තීරණයක් ගැනුමට එක තප්පරයක්වත් පමා නොකරන අතර පොදු ජනතාවගේ පහසුව වෙනුවෙන් ගත යුතු තීරණ මෙසේ පමාකිරීම ඔවුන්ගේ ඒ ආදරණීය මෑණිවරුන් සෑමවිටම මහජනතාවගේ මතකයෙන් මෙන්ම නිතරම මතක්කිරීම් වලින් කිසිවිට ගිලිහෙනු නොමැත.
ලංකාවේ දුම්රිය මැදිරි නිපදවීමේ හැකියාවක් නොමැති අතර, සිදුකරන්නේ සේවයෙන් ඉවත්කරපු මැදිරි අලුත්වැඩියා කර නැවත සේවයේ පිහිටුවීමකි.
සාමාන්‍යයෙන් මේ රටේ කොන්ත්‍රාත්කරුවන් මුහුණපාන විශාල ගැටලුවක් තමයි අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉහළම දේශපාලකයාගේ සිට පහළට විශාල දොළ පිදේනි ආදිය ලබාදීම... ව්‍යාපෘතිය අනුමත කරදීමට පෙර තමාගේ ලේකම්වරයා හමුවී පැමිනෙන ලෙස දැන්වීම පසු දියයුතු විශාල දොළ පිදේනි ගැන දැනගන්නට ලැබෙනවා. සමහර කොන්ත්‍රාත්කරුවන් ක්ලාන්ත වීමට පෙර එතැනින් පිටව යනවා. සමහර දෙනා ඊට එකඟ වී අමුද්‍රව්‍ය හරිහැටි නොදමා වැඩේ කරනවා. ප්‍රමිතියට වැඩේ සිදුනොවී නිසි තතු එළිවුනොත් අමාරුවේ වැටෙන්නේ කොන්ත්‍රාත් කරුවායි. මේ තත්ත්වය නොදන්නා බොහෝදෙනා කොන්ත්‍රාත් කරුවාගේ පරපුරටම පහර දෙනවා. කපටි දේශපාලකයා හීන්සීරුවේ මාරුවෙනවා. ඔන්න ඕක තමයි පවතින යථාර්ථය. මේ වැඩේ එසේ නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා.
අවුලක් නැහැනේ.. චීනෙන් කෑලි ගෙන්නලා මෙහෙ පුරුද්දලා පාරට දායි... අනික් කෙරුවාවල් වගේම... වෙන මොනවාද? බලන් ඉන්නකෝ? නැතිව මෙහෙ කොහේද අමුද්‍රව්‍ය? මේකෙනුත් කොමිස් කුට්ටි කොච්චර යනවද දන්නේ නැහැ.