(ඩයනා උදයංගනී)

ප්‍රධාන මාර්ගයේ ධාවනය වන දුම්රිය කිහිපයක් අද (6) පස්වරුවේ අවලංගු කිරීම හේතුවෙන් මගීහු දැඩි පීඩාවට පත්වූහ.

කොළඹ කොටුව සිට වේයන්ගොඩ දක්වා පස්වරු 6.15 ටත්, කොළඹ කොටුව සිට පොල්ගහවෙල දක්වා පස්වරු 6.45 ටත් ධාවනය වන දුම්රියන් අවලංගු කර තිබූ අතර පස්වරු 6.35 ට කොළඹ කොටුවෙන් පිටත්ව රඹුක්කන බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය සෑම දුම්රිය ස්ථානයකට නැවැත්වීමට පියවර ගෙන තිබිණි.

මේ හේතුවෙන් එම දුම්රියේ දැඩි තදබදයක් පැවති අතර නිවෙස් බලා ගමන් කළ කාර්යාල සේවකයන් ඇතුළු මගීහු දැඩි පීඩාවට පත්වූහ.

එමෙන්ම පස්වරු 5.45ට ‍මහනුවර බලා ධාවනය වන දුම්රිය ද කාර්මික දෝෂයක් හේතුවෙන් ප්‍රමාද වී ගමන් ආරම්භ කළ අතර එය ගම්පහ දුම්රිය ස්ථානයේදී යළි කාර්මික දෝෂයකට ලක්වූ බව වාර්තා විය.