(සුජිත් හේවාජුලිගේ)

දන්ත ශල්‍ය වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් අනිවාර්ය නිවාඩු ගැන්වීමේ වයස් සීමාවද 63 දක්වා දීර්ඝ කර ඇත

ඊට අදාළ ගැසට් නිවේදනය රාජ්‍ය සේවා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇත.

මේ අනුව දන්ත ශල්‍ය වෛද්‍යවරුන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව 63දක්වා ඉහළ නැංවීම අප්‍රේල් 5 වැනිදා සිටද හෙද නිලධාරීන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව 63 දක්වා ඉහළ නැංවීම ජුනි 14 සිටද බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වනු ඇත.

වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වෙන වයස් සීමාව 63 දක්වා වැඩි කෙරෙන ගැසට් නිවේදනය මීට ඉහත දී නිකුත් කෙරිණ