(ඩයනා උදයංගනී)
කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 714 දෙනකු අද (30) දිනයේ හඳුනාගෙන ඇත.
ඒ අනුව දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 1636 ක් දක්වා ඉහළ ගිය අතර කොවිඩ් ආසාදිත තවත් 11 දෙනකුගේ මරණ අද (30) වාර්තාවිය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 678 ක් දක්වා ඉහළ ගියේය.
පිළියන්දල ප්‍රදේශයේ 79 හැවිරිදි කාන්තාවක, දෙහිඅත්තකණ්ඩිය පදිංචි 76 හැවිරිදි පිරිමි අයකු, මාතලේ ප්‍රදේශයේ 67 හැවිරිදි කාන්තාවක, කළුතර පදිංචි 82 හැවිරිදි පිරිමි අයකු, වත්තල ප්‍රදෙශයේ 53 හැවිරිදි පිරිමි අයකු, දිවුලපිටියේ 51 හැවිරිදි පිරිමි අයකු, පැපිලියාවල 77 හැවිරිදි අයකු, අනුරාධපුරයේ 64 හැවිරිදි කාන්තාවක, කොළඹ් 14 පදිංචි 94 හැවිරිදි පිරිමි අයකු, පරගස්තොට 65 හැවිරිදි පිරිමිඅයකු සහ කැලණියේ 46 හැවිරිදි කාන්තාවක මෙලෙස මියගොස් ඇත.
කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 108,120ක් දක්වා ඉහළගොස් තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දෛනික ආසාදිතයෝ 1600 ඉක්මවති