(යොහාන් භාසුර)

ඉන්දීය ණය පහසුකම් යටතේ සපයන ඩීසල් මෙට්‍රික්ටොන් 80,000 කට ආසන්න ප්‍රමාණයක් ඉදිරි දින පහ තුළ ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

එම ඩීසල් මෙට්‍රික්ටොන් 80,000 කට ආසන්න ප්‍රමාණයේ පළමු තොගය ලෙස ඩීසල් මෙට්‍රික්ටොන් 38,000 ක් රැගත් පළමු නෞකාව හෙට (1) පැමිණෙන බවත් ඉතිරි ඩීසල් මෙට්‍රික්ටොන් 38,000 ක් රැගත් දෙවැනි නෞකාව ලබන 5 වැනිදා ශ්‍රී ලංකාව ළගාවීමට නියමිත බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.